ආචාර්ය හාන්ස් විජේසූරිය ඩයලොග් ෆිනෑන්ස් සභාපති ධුරයෙන් ඉවත් වෙයි

ආචාර්ය හාන්ස් විජේසූරිය ඩයලොග් ෆිනෑන්ස් සභාපති ධුරයෙන් ඉවත් වෙයි

ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය සාරිපුත්ත හාන්ස් විජේසූරිය මහතා එම ධුරයෙන් ඉවත්ව ඇතැයි සමාගම පවසයි.

ධුරයෙන් ඉවත් වන විට විජේසූරිය මහතා සමාගමේ ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේය.

2020 මැයි 22 වැනිදා සිට මෙම ඉවත්වීම සිදුව ඇතැයි සමාගම පවසයි. ආචාර්ය විජේසූරිය ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මව් සමාගම වන ඩයලොග් ආසියාටා සමාගම විසින් නම් කරන ලද අධ්‍යක්ෂවරයෙකු ලෙස එම ධුරය දරා තිබේ. ඒ අනුව ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සීහි කොටස් අතරින් 98.88%ක් සභාපතිවරයා ලෙස හාන්ස් විජේසූරිය මහතා වෙත හිමිව තිබේ. මෙම කොටස් සියල්ල ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම සතුව පවතී.

ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස පිහිටුවා ඇති ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කර තිබේ.  

ආචාර්ය විජේසූරිය 1997 වසරේ සිට 2016 වසර දක්වා ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය. එසේම 2012-14 කාලයේදී ආසියාටා ඩිජිටල් සර්විසස් හි ආරම්භක ප්‍රධාන විධායක නිලධාරියා විය. 

අද වනවිට ආසිආටා සමූහයේ කලාපීය ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද ඔහු කටයුතු කරයි. එසේම ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ලංකා වාණිජ මණ්ඩලයේ වර්තමාන සභාපතිවරයාද වෙයි.

Visits: 37