ගබඩාකර ඇති බඩඉරිගු සියල්ල ත්‍රීපෝෂ නිෂ්පාදනයට ඉල්ලයි

ගබඩාකර ඇති බඩඉරිගු සියල්ල ත්‍රීපෝෂ නිෂ්පාදනයට ඉල්ලයි

මෙරටට බඩඉරිගු ආනයනය කරන සහ දේශීයව බඩඉරිගු මිලදී ගෙන ගබඩා කරගෙන සිටින සියලුම ආනයනකරුවන් සහ ගබඩාකරුවන් ඉදිරි පැය 24 ඇතුළත එම බඩ ඉරිගු ත්‍රීපෝෂ නිෂ්පාදනයට සහ සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා නිකුත් කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.

එහිදී නියමිත පාලන මිලට අනුව මෙම බඩ ඉරිගු අදාළ නිෂ්පාදන සඳහා නිකුත් කළ යුතු බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

එසේ නොකර තවදුරටත් බඩඉරිගු තොග ගබඩා කර, සඟවා තබා ගෙන සිටින සියලුම ස්ථාන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පරීක්ෂා කිරීම් සහ වැටලීම් කරන බවද එම අධිකාරිය සඳහන් කරයි.

එහිදී එම බඩඉරිගු නිකුත් නොකරන ආනයකරුවන් සහ ගබඩාකරුවන් සම්බන්ධව අධිකාරිය පනතේ විධිවිධාන අනුව දැඩි නීතිමය පියවර ගන්නා බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Visits: 44