COVID-19 නිසා මැක්ඩොනල්ඩ්ස් වෙතින් ආරක්ෂිත ඩිලිවරි ක්‍රමයක්

COVID-19 නිසා මැක්ඩොනල්ඩ්ස් වෙතින් ආරක්ෂිත ඩිලිවරි ක්‍රමයක්

මෙරට ක්‍රියාත්මක බහුජාතික ක්ෂණික ආහාර අලෙවි ජාලයක් වන මැක්ඩොනල්ඩ්ස් රටෙහි පවතින සෞඛ්‍යමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිය පාරිභෝගිකයන් වෙත වඩාත් ආරක්ෂිත ඩිලිවරි ක්‍රමයක් වෙත යොමු වූ බව සඳහන් කර සිටියි.

ඒ අනුව සාමාන්‍ය ක්‍රමවේදය අනුව මැක්ඩොනල්ඩ්ස් ඩිලිවරිකරු සිය පාරිභෝගිකයා මුණ ගැසී අදාළ ඇනවුම භාර දෙනවා වෙනුවට එකිනෙකා හා මුණ නොගැසෙන “කන්ටැක්ට්ලස් ඩිලිවරි” සේවාවක් මෙහිදී ක්‍රියාත්මක වන බව සමාගමේ ඩිලිවරි අංශය වන “මැක්ඩිලිවරි” පවසා සිටියි. 

මෙහිදී පාරිභෝගිකයාට තම ඇනවුම තමන්ගේ නිවසේ දොරෙහි හෝ ගේට්ටුවෙහි රඳවා තබා යන ලෙස ඩිලිවරිකරුට පැවසිය හැකි බව “මැක්ඩිලිවරි”  පවසයි. 

මෙහිදී www.mcdilivery.lk හරහා අන්තර්ජාලය ඔස්සේ සිය ඇනවුම් ඉදිරිපත් කරන පාරිභෝගිකයන්ට මෙම අවස්ථාව හිමි වන අතර, ඔවුන් සිය ඇනවුම යෙදීමේදී එහි ඇති “Remarks” හි මෙලෙස ආහාර එල්ලා තබා යෑමක් පිළිබඳව ඉල්ලීම සිදු කළ හැකිය. 

විශේෂයෙන්ම මෙවැනි  පියවරක් රට තුළ ව්‍යාප්ත වන COVID-19 වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා සුදුසුය යන්න ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ අනුව මෙය වඩාත් පිරිසිදු, ආරක්ෂිත සහ ස්පර්ශ කිරීමකින් තොර සේවා සැපයීමක් බවද ඔවුන් සඳහන් කරයි.

එසේම සිය මැක්ඩිලිවරි වෙත  ලැබෙන ඇනවුම් සියල්ල සම්බන්ධයෙන්ම මේ වනවිටත් පෙර වඩා වැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් යොදා ඇතැයිද සමාගම පවසා සිටියි. 

එහිදී සියලුම මැක්ඩිලිවරි යතුරුපැදිකරුවන් මුහුණු ආවරණ පැළද සිටින බවත්, සෑම ඇනවුමක් සඳහාම වන මලු ටේප් පටි යොදා ගෙන නිසි ලෙස ආවරණය කර ඇති බවත්, සෑම මැක්ඩිලිවරි ගමන් මල්ලක්ම පැය දෙකකට වරක් විෂබීජහරණයට ලක් කරන බවත් එහි සඳහන් වෙයි.එසේම මේ වනවිට මැක්ඩොලන්ඩ්ස් හි සේවකයන්ගේ මෙන්ම මැක්ඩිලිවරි යතුරුපැදිකරුවන්ගේද ශරීර උෂ්ණත්වය සම්බන්ධයෙන් සෑම අවස්ථාවේදීම පරීක්ෂාවෙන් සිටින බවද සමාගම පවසයි. මීට අමතරව සිය සේවකයන් සියලු දෙනාම සෑම ඩිලිවරියක් සඳහා පිටත්වීමට පෙර සිය දෑත් ඉතා හොඳින් පිරිසිදු කරගන්නා බවත් ඔවුන් සඳහන් කරයි. 

Visits: 78