ගල්කිස්සේ, පැලවත්තේ “The Outlet Store” පමණක් “Cotton Island” වෙයි

ගල්කිස්සේ, පැලවත්තේ “The Outlet Store” පමණක් “Cotton Island” වෙයි

The Outlet Store Clothing (Pvt) Ltd සමාගම මගින් දෙහිවල – ගල්කිස්සේ සහ බත්තරමුල්ල – පැලවත්තේ පවත්වාගෙන ගිය “The Outlet Store” නිමි ඇදුම් අලෙවි සැල් ද්විත්වය පසුගියදා පටන් “Cotton Island” ලෙස සන්නාම වෙනසකට ලක් කර යළි විවෘත කිරීමක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

2017 වසරේදී අංක 142 බෞද්ධාලෝක මාවත, කොළඹ 04 ලිපිනයේ සිය පළමු “The Outlet Store” නිමි ඇදුම් සාප්පු සංකීර්ණය විවෘත කරමින් නිමි ඇඳුම් වෙළෙඳ පොළ වෙත සිය සන්නාමය ගෙන ආ The Outlet Store Clothing (Pvt) Ltd සමාගම පසුව පිළිවෙලින් ගල්කිස්සේ සහ පැලවත්තේ මෙම අලෙවි සැල් විවෘත කිරීමට සමත් විය.

ඒ අනුව 2018 වසරේදී අංක 440, පන්නිපිටිය පාර, පැලවත්ත යන ස්ථානයේත්, අංක 196, ගාලුපාර, දෙහිවල – ගල්කිස්ස යන ලිපිනයේදීත් “The Outlet Store” අලෙවි සැල් විවෘත විය. 

එහෙත් මේ වනවිට එම අලෙවි සැල් දෙක “Cotton Island” ලෙස සන්නාම වෙනසකට ලක් කර තිබේ.

මේ අතර, The Outlet Store Clothing (Pvt) Ltd සමාගම බෞද්ධාලෝක මාවතේ පිහිටි සිය පළමු අලෙවි සැල එලෙසින්ම පවත්වාගෙන යාමට කටයුතු යොදා තිබීමත් විශේෂත්වයකි.

කෙසේ වෙතත් ගල්කිස්සේ සහ පැලවත්තේ පිහිටි  “The Outlet Store අලෙවි සැල් සිය සන්නාමය වෙනස් කළ පළමු අවස්ථාව මෙය නොවේ. ඊට පෙර එම අලෙවි සැල් වසර තුනකට ආසන්න කාලයක් The Factory Outlet නමින් පවත්වාගෙන ඒම සිදු විය.

ඒ වන විටත් අංක 192, හැව්ලොක් පාර, කොළඹ 05 ලිපිනයෙහිද The Factory Outlet අලෙවි සැලක් විවෘතව තිබූ අතර ගාල්ල කලුවැල්ල පාරේද අලෙවි සැලක් විවෘතව පැවතුණි.

Visits: 34