LOLC ෆයිනෑන්ස් ප්‍රධාන විධායක ධුරය කොන්රාඩ් ඩයස්ට

LOLC ෆයිනෑන්ස් ප්‍රධාන විධායක ධුරය කොන්රාඩ් ඩයස්ට 

ලංකා ඔරික්ස් ලීසිං ෆයිනෑන්ස් පීඑල්සීහි නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කොන්රාඩ් ඩයස් මහතා 2020 මාර්තු 01 වැනිදා සිට පත්විම් ලබන බව එම සමාගම පවසයි. 

දැනට සමාගමේ නියෝජ්‍ය සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ධුරය දරන රවී තිසේරා මහතා ලබන පෙබරවාරි 28 වැනිදා සිට එම ධුරයෙන් ඉවත්වීමත් සමගින්ම හිස් වන ධුරය සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිබේ.

LOLC සමූහයේ ප්‍රධාන තොරතුරු නිලධාරියා ලෙස කටයුතු කළ කොන්රාඩ් ඩයස් මහතා, LOLC Technology Service Ltd සහ LOLC Technologies Limited හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කර තිබේ. එසේම ඔහු LOLC හෝල්ඩිංග්ස්හි පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද සේවය කර ඇත. 

LOLC සමාගමේ ජංගම ගෙවුම් ඇප් වැඩසටහන වන ipay හි සම නිර්මාතෘවරයෙකුද වන කොන්රාඩ් ඩයස් මහතා LOLC කාම්බෝජ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද සේවය කර තිබේ.

කොන්රාඩ් ඩයස් මහතා සතුව තොරතුරු තාක්ෂණය, පරිගණක ඉංජිනේරුවිද්‍යාව, ව්‍යාපෘති කළමනාකරණය, ක්‍රමෝපායික සහ ආයෝජන සැලසුම්කරණය, මූල්‍ය කළමනාකරණය, ඒකක භාර සහ අරමුදල් කළමනාකරණය ඇතුළු වෙළෙඳ, බැංකු සහ මූල්‍ය, වත්කම් කළමනාකරණය සහ නිෂ්පාදන යන ක්ෂේත්‍ර රැසකම අත්දැකීම් සහිත බව LOLC ෆයිනෑන්ස් සමාගම පවසයි.

සමාගමේ ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වන රවී තිසේරා මහතා LOLC සමූහය සතු විදේශීය සමාගමක සේවය සඳහා එක් වෙනු ඇතැයිද LOLCෆයිනෑන්ස් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 1969

Leave a Reply

Your email address will not be published. Required fields are marked *