ලොක්ඩවුන් සීමා මධ්‍යයේත් තෝරාගත් ගමනාන්ත කිහිපයකට ශ්‍රී ලංකන් ගුවන් ගමන් අඛණ්ඩව

නව කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා පවතින ලොක්ඩවුන් සීමා මධ්‍යයේ වුවද ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන් ගමන් සිදු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනුම් දී සිටියි.

ඒ අනුව ඉතාලියේ – මිලාන්, එක්සත් රාජධානියේ – ලන්ඩන්, ජපානයේ – ටෝකියෝ, මාලදිවයිනේ – මාලේ, ජර්මනියේ – ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ – පැරිසිය හා ඔස්ට්‍රේලියාවේ – සිඩ්නි එම ගමනාන්ත බව සමාගම සඳහන් කරයි.

මෙම ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන මගීන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගාල්ල, නුවර සහ කොළඹ කාර්යාල හරහා වෙන් කරවා ගැනීම් සිදු කළ හැකි බවත්, එසේ නැත්නම් www.srilankan.com ශ්‍රී ලංකන් වෙබ් අඩවිය වෙත හෝ 1979 හරහා ගුවන් සේවයේ ගෝලීය සබඳතා මධ්‍යස්ථානය ඇමතීමෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකි බවත් සමාගම පවසයි.

Visits: 38