TikTok වෙතින් ‘For You’ සේවාව refresh කිරීමට නව ක‍්‍රමයක් හඳුන්වා දෙයි

ජනප‍්‍රිය කෙටි වීඩියෝ වේදිකාවක් TikTok පරිශීලකයින්ට මින් ඉහතදී ඔවුන් විසින් ප‍්‍රකාශයට පත්කල නිර්දේශ තවදුරටත් අදාළ නොවන බව හැඟේ නම් ‘For You’ සේවාව refresh කිරීමට ඉඩ සලසන නව විශේෂාංගයක් නිවේදනය කර සිටියි.

මෙම නව විශේෂාංගය ස්වයං ප‍්‍රකාශනය සක‍්‍රීය කරන අතරම පරිශීලකයින්ට සිත්ගන්නා සුළු නැරඹුම් අත්දැකීමක් සහතික කරන බවත් පවසයි.

පරිශීලකයින්ට ඔවුන්ගේ ‘For You’ සේවාව refresh කිරීම හරහා වේදිකාවට සම්බන්ධ වූවාක් මෙන් අන්තර්ගතයන් නැරඹීමට ඉඩ සලසයි.

විශේෂිත හැෂ් ටැග්, වාක්‍ය ඛණ්ඩ, අන්තර්ගත නිර්මාපකයින් හෝ ශබ්ද භාවිතා කරන වීඩියෝ වෙන් කිරීමේ හැකියාව ඇතුළුව, TikTok පරිශීලකයින්ට දැනටමත් ඔවුන්ගේ අත්දැකීම් හැඩගස්වා ගැනීමට ඇති අන්තර්ගත පාලන ගණනාවකට මෙම විශේෂාංගය එක් කරයි.

මෙම විශේෂාංගය සක‍්‍රීය කිරීමෙන් පරිශීලකයන් විසින් ඔවුන් follow කළ ගිණුම් වලට අහිතකර ලෙස බලපෑම් කිරීමට හෝ සීමාව අභිබවා යෑමට නොහැකි වන ලෙස අවස්ථාව ලබා නොදෙන මුත් සජීවී නැරඹුම් අත්දැකීමක් සහතික කරයි.

පසුගිය වසර පුරා, TikTok සිය පද්ධති වැඩිදියුණු කිරීම සඳහා යාවත්කාලීන කිරීම් 15 කට අධික ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක කර ඇති අතර, නොයෙකුත් භාෂා වෙත සීමා මායිම් පුළුල් කරයි.

International Association for Suicide Prevention සහ බොස්ටන් ළමා රෝහලේ ඩිජිටල් සුවතා විද්‍යාගාරය (Digital Wellness Lab at Boston Children’s Hospital) වැනි ශාස්ත‍්‍රීය සාහිත්‍ය සහ ප‍්‍රවීණයන්ගේ උපදේශන මගින් දැනුවත් කරන ලද මෙය මෙහෙයවීම සඳහා විශ්වාසදායී සහ ආරක්ෂාව වෙනුවෙන් කැපවූ සහ නිෂ්පාදන කණ්ඩායම් හවුල් වේ.

TikTok ශක්තිමත් සොයාගැනීමේ අත්දැකීමක් පරිශීලකයින් වෙත තිළිණ කිරීම සඳහා අන්තර්ගතයේ විවිධත්වයක් ඇති කිරීමට උත්සාහ කරනු ඇති අතර TikTok ස්වයං ප‍්‍රකාශනය සඳහා පිළිගැනීමේ අවකාශයක් සහ එහි පරිශීලකයින් සඳහා විනෝදජනක පරිසරයක් තිළිණ කිරීමට කැපවනු ඇතැයිද පවසයි.

Visits: 58