LPL තරගාවලියට නව ලාංඡනයක් හඳුන්වා දෙයි

ලොව ප්‍රධානම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතර ඉහළතම ගුණාත්මක භාවයකින් යුතුව පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර සඳහා නව ලාංඡනයක් එළිදැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත් බව පවසයි.

නිර්මාණශීලී හැකියාවන් වලින් යුතු ක්‍රීඩා ලෝලීන් අතර පවත්වන ලද ලාංඡන නිර්මාණ ඉදිරිපත් කිරීමේ තරගයකින් පසුව මෙම බහුවිධ මුහුණුවර නිරූපණය කෙරෙන ලාංඡනය තෝරා ගැනීම විශේෂත්වයකි.

ධෛර්යය සංකේතවත් කරන ‘සිංහ’ සංකේතය වටා නිර්මාණය වී ඇති මෙම නව ලාංඡනයෙන් ශ්‍රී ලාංකේය ජාතියේ අධිෂ්ඨානය, නිර්භීතකම සහ ශක්තිය පෙන්නුම් කරන අතර ලාංඡනයේ දැක්වෙන පිතිකරුවා වටා, බලය, ජවය සහ උද්වේගය පෙන්නුම් කරනු ඇත.

ඊට අමතරව භාවිතා කරන ඇති බහුවිධ වර්ණ ‘ක්‍රිකට් සැණකෙළියක’ ආරම්භය ප්‍රකාශ කෙරෙන අතර එමඟින් ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා රසිකයින් විනෝද්සාවදය, උද්යෝගය සහ වින්දනය පෙන්නුම් කරනු ලබයි.

“ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩකයින්ට සිය දක්ෂතාවන් කරා යෑමට හොද මාවතක් නිර්මාණය කර දී තිබෙනවා රසිකයින්ට අර්ථවත් සහ විනෝදාස්වාදය ලබා දෙන තරගාවලියක් ඒ වගේම අපේ සමඟ සිටින පාර්ශ්වකරුවන්ට වටිනාකමක් එක් කරන්නත් මෙය උපකාරී වෙනවා. මෙම ලාංඡනයේ සරළ සහ පැහැදිළි පෙනුම මෙම තරගාවලියට තරගාවලියට වඩාත් ගැලපෙනවා” යැයි තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කර සිටියේය.

නිර්මාණ ඉදිරිපත් කිරීම වෙනුවෙන් දියත් කරන ලද තරගයට සහභාගි වුණු මහනුවර ප්‍රදේශයේ වෙසෙන 24 හැවිරිදි මියුලික වීරමන්ත්‍රී මහතා විසින් මෙම ලාංඡනය නිර්මාණය කරන ලද අතර ඒ වෙනුවෙන් වූ ඩොලර් 1000 ක ත්‍යාග මුදල ඔක්තෝබර් 20 වැනිදා පෙරවරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැති චාම් උත්සවයකදී පිරිනැමිණ.

“නව ලාංඡනය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ක්‍රීඩා ලෝලීන්ට සියලුම ආකාරයේ අංගයන් නියෝජනය කරනු ලබන දැක්මක් සහ දීප්තිමක් අනාගතයත් පිළිබඳව ඇඟවීමක් ලබා දෙයි. එල්.පී,එල්. තරගාවලිය ලෝකයේ හොඳම විස්සයි-20 ලීගයන් අතරට සීඝ්‍ර වර්ධනයකින් ඇති තරගාවලියක්” යැයි එහි සංවිධාන කටයුතු කරනු ලබන අයි.පී.ජී. ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධා විධායක නිලධාරී අනිල් මොහාන් මහතා සදහන් කර සිටියේය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැන්න ලබන දෙසැම්බර් 06 වැනිදා හම්බනතොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

Visits: 52