නුගේගොඩට ගුණාත්මක සෞඛ්ය සේවාවක් ලබා දීමට Medihelp සමූහය Central Medical Centre හා එක්වෙයි

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය නුගේගොඩ සහ ඒ අවට ප‍්‍රදේශ වෙත ගුණාත්මක තත්වයේ සෞඛ්‍ය සේවා ලබා දීමේ අරමුණෙන් Central Medical Centre හි සභාපති වෛද්‍ය සරත් පරණවිතාන මහතා සමඟ හවුල්කාරිත්වයකට එළඹුණු බව පවසයි.

මෙම නව හවුල්කාරිත්වය හරහා 132 එස්. ද එස්. ජයසිංහ මාවත, නුගේගොඩ යන ලිපිනයේ පිහිටි Central Medical Centre වෛද්‍ය මධ්‍යස්ථානය මගින් ජනතාව සඳහා දැරිය හැකි මිලකට උසස් තත්වයේ මූලික සෞඛ්‍ය සේවා ලබා ගත හැකි වනු ඇත.

අභියෝගාත්මක ආර්ථික පසුබිම තුළ ඵැාසයැකච රෝහල් සමූහය සිය සේවා ජාලය රට පුරා ව්‍යාප්ත කරන්නේ ජනතාවගේ සෞඛ්‍ය යහපැවැත්ම සහතික කිරීම සඳහාය.

MediHelp රෝහල් සමූහය Central Medical Centre ප‍්‍රතිසංස්කරණය කර නවීනතම වෛද්‍ය උපකරණ සහ පහසුකම් සමඟ ඊට නව මුහුණුවරක් ලබාදෙනු ඇත. නුගේගොඩ MediHelp hospitals වෙතින් ලබා ගත හැකි සේවාවන් පිලිබඳව වැඩි විස්තර 0112 281281 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

වසර ගණනාවක් පුරා ඵැාසයැකච රෝහල් සමූහය එහි සේවාවන් රෝගීන්ගේ රෝගීතත්වයන්ට ගැලපෙන අයුරින් උපරිම සෞඛ්‍ය සේවාවක් සැපයීම වෙනුවෙන් ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් කණ්ඩායමක් යොදවා ඇත. MediHelp රෝහල් සමූහයේ ඇති ඉඩකඩ සහිත නවීන පහසුකම් හේතුවෙන් රෝගීන් අතර අංක එකේ තේරීමක් බවට මේ වන විට පත්ව ඇත.

Central Medical Center ^Pvt&Ltdහි සභාපති සහ වෛද්‍ය අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය සරත් පරණවිතාන මහතාට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වසර 45 කට වැඩි පළපුරුද්දක් ඇති අතර MBA උපාධි දෙකක් හිමිකරගත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සහ එකම විශේෂඥ වෛද්‍යවරයා ඔහුයි.

ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයෙන් සෞඛ්‍ය සේවා පිළිබඳ MBA උපාධියක් සහ එක්සත් රාජධානියේ Cardiff Metropolitan University වෙතින් MBA උපාධියක් ඔහුට හිමිය. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් පවුල් සෞඛ්‍ය, ළමා සෞඛ්‍ය පිළිබඳ ඩිප්ලෝමාව සහ පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ MD උපාධියක් ලබා ඇත.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය සරත් පරණවිතාන මහතා පැවසුවේ, ”වසර ගණනාවක් පුරා Medihelp උසස් තත්වයේ විශ්වාසදායක මූලික සෞඛ්‍ය සේවා ලබාදෙමින් කීර්ති නාමයක් දිනා ඇති අතර අපගේ සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමට සහ පුළුල් කිරීමට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම සතුටක්. Medihelp රෝහල් සමූහය රෝගීන්ට දැරිය හැකි මිලකට, ගුණාත්මක මූලික සෞඛ්‍ය සේවාවන් වෙත ඇති ප‍්‍රවේශය පුළුල් කරමින් රෝගීන්ගේ සෞඛ්‍ය යහපැවැත්ම සහතික කරනවා.” යනුවෙනි.

Visits: 50