Viber හි digital wallet සමඟින් පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීමට ප්‍රමුඛතාවය.

New Rakuten Viber සිය ජනප්‍රිය සන්නිවේදන යෙදුම fintech කාණ්ඩය යටතට ගෙන එමින්, එහි මූලික පණිවිඩ යැවීමේ සහ ඇමතුම් ලබා ගැනීමේ විශේෂාංග වලට වඩා වැඩි යමක් පරිශීලකයින් වෙත පිරිනැමීම අරමුණු කර ගෙන ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරී ඔෆිර් ඉයාල් පවසයි.

මේ හරහා New Rakuten Viber සුපිරි යෙදුමක් බවට පත්කිරීම සඳහා වූ තීරණාත්මක පියවරක් වනු ඇතැයිද ඔහු සඳහන් කර සිටියි.

ඒ අනුව Viber යෙදුම තුළ ගෙවීම් සේවාව ලබා ගැනීමට හැකි වන අතර, පරිශීලකයින්ට එම වේදිකාව තුළ digital wallet (ඩිජිටල් මුදල් පසුම්බියක්) නිර්මාණය කිරීමට පසුබිම සලසයි. එම wallet වෙනත් පුද්ගලයින් වෙත මුදල් හුවමාරු කිරීමට, නිෂ්පාදන මිලදී ගැනීමට සහ බිල්පත් ගෙවීමට බැංකු ගිණුම්වලට මෙන්ම Visa සහ Mastercard වෙත සම්බන්ධ කළ හැකිවේ.

Viber ප්‍රථමයෙන් සම සම හුවමාරු කිරීම් හඳුන්වා දෙනු ලබන අතර, එම අවස්ථාව පරිශීලකයින්ට නොමිලේ ලබා ගත හැකිය. මෙම සේවාව මෙම ග්‍රීෂ්ම සෘතුවෙන් පසුව ජර්මනියේ සහ ග්‍රීසියේ දී ලබා ගැනීමට හැකියාව ඇත. මෙය ප්‍රථමයෙන් Viber අතිරේක වෙළඳපොලේ එළිදැක්වීමට පෙර නිෂ්පාදනය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පරිශීලක ප්‍රතිචාර ලබා ගනු ඇත.

“මෙහි ප්‍රධාන විධායක නිලධාරියා හැටියට මගේ භූමිකාවතුළදී ඉදිරියේදී මුහුණ දීමට සිදුවන අභියෝග හමුවේ සමාගමේ දැක්ම සහ මෙහෙවර පසු පස හඹා යාමේදී, Rakuten Viber හි ඉහළ පෙළේ කණ්ඩායමකට නායකත්වය දීමට සහ එහි කොටසක් වීමට හැකිවීම ගැන මට ගෞරවයක් තිබෙනවා. ඊට අමතරව, පරිශීලක අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා යෙදුම ක්‍රියාත්මක කිරීම, වැඩිදියුණු කිරීම සහ අවසානයේදී එය සුපිරි යෙදුමක් බවට පත්කිරීම සඳහා Viber හි උසස් ප්‍රමිතීන් සහ නවීන වූ ජීව ගුණය තබා ගැනීමට අපි කටයුතු කරනවා. Viber වර්තමානය තුළ පවතින තත්ත්වයට පැමිණීමේ ගමන් මගෙහි කොටස්කරුවන් වන සේවකයින් මම සෑම විටම අගය කොට සලකනු ලබන අතර ඔවුන් හට ස්තූතිවන්ත වෙනවා.” යැයි ඉයාල් මහතා පැවසීය.

මෑතක, Viber හි අඛණ්ඩ දියුණුවත් සමඟ ව්‍යාපාර සහ විනෝදාස්වාදය යන දෙඅංශයේම පරිශීලක අත්දැකීම ඉහළ නැංවීමට උපකාර වන විශේෂාංග සපයා ඇති අතර, පරිශීලකයන් එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීම වෙනුවෙන් එය දිරිමත් කිරීමක් වනු ඇත. මේ වන විට Viber හි ඉහළම තනතුර දරණ ඉයාල් මහතා සමාගමේ අපේක්ෂා සහිත නිෂ්පාදන සංවර්ධනය සහ වෙළඳපල පුළුල් කිරීම සඳහා උත්සාහයන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි. ඒ අතර වාරයේ, සමාගම ගෝලීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස කැපී පෙනීම සඳහා ඔහු නව ව්‍යාපාරික අවස්ථා සොයමින් සිටියි.

APAC (ආසියා පැසිපික් කලාපය) දැනට Viber හි ඉහළම වර්ධන කලාපයන්ගෙන් එකකි. එය වාර්ෂිකව 20% කට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වන අතර කලාපයට අනන්‍ය වූ හවුල්කාරිත්වයන් සහ ව්‍යාපෘති නවීකරණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි. Viber ආසියා පැසිෆික් කලාපය තුළ දිගටම ආයෝජනය කිරීම් කරනු ලබන අතර රටවල් තුළ විශේෂිත හවුල්කාරිත්වයන්, නිෂ්පාදනය කිරීම්, උපාය මාර්ග සහ පිරිනැමීම්, ප්‍රාදේශීය ස්ථානගත කිරීම් සහ Viber පරිශීලකයින්ට වැඩි ප්‍රතිලාභ ලබා දීම හරහා සිය පරිශීලක පදනම වේගයෙන් වර්ධනය කිරීමට කටයුතු සූදානම් කරයි.

Rakuten Viber ශ්‍රී ලංකාව තුළ, වඩාත්ම කැමති සහ විශ්වාසදායක පණිවිඩ යැවීමේ යෙදුමක් වශයෙන් හා පරිශීලකයින්ට නොමිලේ සහ ආරක්ෂිතව සිය සන්නිවේදන කටයුතු කර ගැනීමට සලසා දීම සම්බන්ධයෙන් Viber හි කැපවීම කෙරෙහි පිළිගැනීමක් ලබා දී තිබේ. Viber ශ්‍රී ලංකාවේ පරිශීලකයන්ගේ ආශාවන් සහ රුචිකත්වයන් සපුරාලීම සඳහා දේශීය හවුල්කාරීතාවයන් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි.

ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි පවතින උන්මාදය සමරමින්, Viber පරිශීලකයින්ට තරඟ යාවත්කාලීන කිරීම් (match updates), සජීවී ලකුණු (live scores), ප්‍රවෘත්ති (news alerts), තරඟ පිළිබඳව පෙර අනාවැකි පළ කිරීමේ අවස්ථාව සහ විනෝදාත්මක ක්‍රියා, හුවමාරු කිරීමට හැකි මෙම්ස් (memes) වලට අමතරව තවත් ඇදහිය නොහැකි ත්‍යාග රැසක් දිනා ගැනීමේ අවස්ථාව ලබා දෙනු ලබන Cricket Vibes නාලිකාවක් සමඟින් පරිශීලකයින් වෙත විනෝදාශ්වාදය ගෙන දී තිබේ. එම නාලිකාවේ විශේෂ වූ විශේෂාංගයක් වන්නේ ‘Cricket Talks’ ලෙස හඳුන්වනු ලබන සුපිරි තරු ගනයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් ක්‍රිකට් පිළිබඳ අන්තර්ගතයන් සහිත සුවිශේෂී වැඩසටහනයි. මේ වන විට එම නාලිකාවට සාමාජිකයින් 800K ඉක්මවනු ලැබූ ක්‍රියාකාරී වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ඉදිරියේදී Viber රැගෙන යාමට අවශ්‍ය ස්ථානය පිළිබඳ පැහැදිලි මඟ පෙන්වීමක් සමඟින්, ඉයාල් මහතාගේ නායකත්වය යටතේ Viber හි නිෂ්පාදන හා සේවා වල අඛණ්ඩ වර්ධනය සහ නව වෙළඳපල වෙත ව්‍යාප්ත කිරීම මෙන්ම ගෝලීය පණිවුඩකරණයේ හා යෙදුම්හි ප්‍රධාන නවෝත්පාදකයෙකු ලෙස Viber තවදුරත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

Visits: 49