ඇමෙරිකානු තානාපතිනිය බියගම කොකාකෝලා කර්මාන්තශාලාවේ නිරීක්ෂණයක

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය ඊයේ දිනයේදී බියගම පිහිටි කොකාකෝලා බෙවරේජර්ස් ශ්‍රී ලංකා සමාගමේ මූලස්ථානයේ නිරීක්ෂණයක නිරත වූ බව පවසයි.

ඇය මෙහිදී කොකාකෝලා සමාගමේ නිෂ්පාදන ක්‍රියාකාරීත්වය දැකබලා ගැනීමේ යෙදී ඇති අතර, එහි සේවක සේවිකාවන් සමගින් කතාබහකද යෙදී තිබේ. එහිදී විශේෂයෙන්ම එම සමාගම තිරසාරත්ව මෙහෙයුම් උත්සාහයන් ඇගේ ඇගයීමට ලක් ව ඇත.

එක්සත් ජනපදය මූලස්ථානය කරගත් කොකාකෝලා සමාගම අද වනවිට වසර 60කට අධික සංඛ්‍යාවක් පුරා ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් පවත්වාගෙන යයි.

අවසන් දශක දෙකක කාලය තුළදී පමණක් එම සමාගම ශ්‍රී ලංකාව තුළ ඩොලර් මිලියන 99කට වඩා වැඩි ආයෝජන සිදු කර ඇතැයිද ඇය මෙහිදී සඳහන් කර සිටියි.

Visits: 106