Alumex PLC තිරසාර නිෂ්පාදන විසඳුම් සඳහා GREEN Labeling සහතිකයෙන් පිදුම් ලබයි

තිරසාර නිෂ්පාදනය සඳහා වන සිය ප‍්‍රයත්නයන් ඇගයීමට ලක් කරමින් ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් Alumex PLC හි සමස්ත ඇලූමිනියම් නිෂ්පාදන (Aluminum extrusion portfolio) සඳහා එම සමාගම වෙත GREEN Labeling යටතේ Eco-Label පිරිනමන ලද බව පවසයි.

Hayleys සමූහයේ සමාගමක් වන Alumex PLC තිරසාර නිෂ්පාදනය උදෙසා හොඳම නිදසුනක් ලෙස, එනම් එකට එක්ව ශක්තිමත් හා තිරසාර අනාගතයක් ගොඩනැගීමේ පොදු අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා දක්වන ලද වැදගත් දායකත්වය GBCSL මෙහිදී ඇගයීමට ලක් කර ඇත.

මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වන Alumex PLC කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රමුක් දැදිවෙල මහතා ‘’තිරසාර ව්‍යාපාරික ක‍්‍රමෝපායන් පිළිගත් සමාගමක් ලෙස, ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ Eco-Label සහතිකය සහිතව පිළිගැනීමකට ලක්වීම ගැන අප සතුටු වෙනවා. තිරසාර නිෂ්පාදන ක‍්‍රියාවලීන් කෙරෙහි අපගේ ඇති නිරන්තර අවධානයට සහ අපගේ බුද්ධිමත් පාරිභෝගිකයින්ට අප පිරිනමන වටිනාකමට මෙම සහතිකය ප‍්‍රබල සාක්ෂියක්.’’ යනුවෙන් පැවසුවේය.

 පෘථිවි පෘෂ්ඨයෙන් 31% ක්ම ආවරණය වී ඇත්තේ වනාන්තර වලින්ය. එය පෘථිවියේ ගොඩබිම් පදනම් වූ ජෛව විවිධත්වයෙන් 80% කට නිවහන සපයයි. අහිතකර දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වනාන්තර ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. එහෙත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ‘’State of the World’s Forests 2020’’ වාර්තාවට අනුව වන විනාශය අඛණ්ඩව භයානක අනුපාතයකින් සිදුවෙමින් පවතින අතර, මෙය ජෛව විවිධත්වයේ පරිහානියට සැලකිය යුතු ලෙස හේතු වේ.

”හරිත ලෝහයක්’’ (green metal) ලෙසින් හැඳින්වෙන ඇලූමිනියම්, ඉදිකිරීම් සඳහා භාවිතා කරන දැව නිෂ්පාදන සඳහා ඵලදායී සහ කාර්යක්ෂම විකල්පයක් ලෙස පිළිගෙන තිබෙන අතර Alumex PLC හි තිරසාර නිෂ්පාදන මේ සඳහා වඩාත් සුදුසු වේ.

වසර ගණනාවක් පුරා Alumex විවිධ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් සිය පාරිසරික කැපවීම්වලට මෙන්ම තිරසාර නිෂ්පාදන ක‍්‍රමෝපායන් ඇති කිරීමට උත්සාහ ගෙන තිබේ.

1986 දී ආරම්භ කරන ලද Alumex PLC යනු ශ‍්‍රී ලංකාවේ බහුජාතික සහ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන Hayleys සමූහයේ අනුබද්ධිත ආයතනයකි. Alumex යනු ශ‍්‍රී ලංකාවේ ඇලූමිනියම් සම්බන්ධව කටයුතු කරන පූර්ණ ඒකාබද්ධ සමාගමකි. වසර 35කට අධික ක්ෂේත‍්‍රය පිළිබඳ අත්දැකීම් සම්භාරයක් සහිත සමාගම ගෝලීය වශයෙන් කීර්තියක් උසුලන ඇලූමිනියම් දොර, ජනෙල් හා බලපත‍්‍ර සහිත Façade Systems ඇතුළු දොරවල්, ජනෙල්, සාප්පු ඉදිරිපස, curtain walls සහ වෙනත් විශේෂිත වාණිජ වශයෙන් වැදගත් ඇලූමිනියම් හැඩතල නිෂ්පාදනය කරනු ලබයි. Alumex සිය ජාතික සහ පාරිභෝගික බෙදාහැරීමේ පද්ධතිය හරහා වාණිජ්‍ය, නිවාස සහ කාර්මික අංශ වෙත අවශ්‍ය ඇලූමිනියම් හැඩතල බෙදා හැරීම සිදු කරනු ලබයි. Alumex සියලූම නිෂ්පාදන බි‍්‍රතාන්‍ය සහ ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ ප‍්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරනු ලබයි. දැනට Alumex සිය නිෂ්පාදන ඇමරිකා එක්සත් ජනපය, එක්සත් රාජධානිය,  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය වෙත ද අපනයනය කරනු ලබයි.

හේලීස් සමූහය අංශ 16ක් හරහා ව්‍යාපාරික අවශ්‍යතා ආවරණය කරමින් සහ ගෝලීයව නිෂ්පාදන හා අලෙවිකරණ කාර්යාල කලාප 5ක් පුරා පවත්වාගෙන යමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වී ඇත. රටේ විදේශ විනිමය ඉපැයීම්වලින් ඩොලර් මිලියන 600කට සහ ජාතික මුළු අපනයන ආදායමෙන් 4.2%ක් සඳහා දායකත්වය ලබා දෙන හේලීස් යනු තිරසාර නවෝත්පාදනයන්හි ප‍්‍රමුඛයෙකු වේ. එමෙන්ම අද එය ශ්‍රී ලංකාවේ වඩාත් ප‍්‍රසිද්ධ සාර්ථක කථාවක් ලෙස කැපී පෙනෙන සමාගම් අතර ප‍්‍රමුඛ ස්ථානයක් ගනී.

Visits: 243