ලංකා හොස්පිටල්ස් රුපියල් 1.00 බැගින් පළමු අතරමැදි ලාභාංශයක් නිවේදනය කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගම (LHCL.N0000) සිය කොටස් හිමිකරුවන්සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු එම රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී පවසයි.

මෙය 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව එම සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස නොවැම්බර් 03 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ඔක්තෝබර් 12 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් ලංකා හොස්පිටල්ස් පීඑල්සී සමාගම පවසයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ලංකා හොස්පිටල්ස් පීඑල්සී කොටසක වටිනාකම  රුපියල් 52.70ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 53.30ට සාපේක්ෂව ශත 60ක එනම් 1.13%ක පහත වැටීමකි.

ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගම සිය ආසන්නතම ලාභාංශ ගෙවීම ලෙස මේ වසරේ අප්‍රේල් මාසයේදී කොටසකට ශත 75ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු විය. එය 2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබාදුන් අවසන් ලාභාංශ ගෙවීමද විය.

Visits: 205