SEC සහ CSE එක්ව දිවයින පුරා ගුරු පුහුණු වැඩසටහන් සංවිධානය කරයි

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) කොළඹ කොටස් හුවමාරුව (CSE) සමඟ සහයෝගයෙන්, රට පුරා ස්ථාපිත ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්​100ට අයත් ගුරුවරුන් සඳහා ඵලදායී ගුරු පුහුණු වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී. මෙම ගුරු පුහුණු වැඩසටහන් මාර්තු 13 සිට අප්‍රේල් 4 දක්වා දිවයිනේ පළාත් නවය තුළ පිහිටා ඇති ගුරු පුහුණු මධ්‍යස්ථානවල භාෂා තුනෙන්ම පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ මූල්‍ය සාක්ෂරතාව ඔප් නැංවීම අරමුණු කර ගනිමින්,ජනාධිපති ලේකම් කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් සැලසුම් කරන ලද උපායමාර්ගික කාර්යභාරයක් ‌ලෙස ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගමය’ වැඩසටහන දැක්විය හැක.

දැනුමැති ආයෝජකයින් ලෙස බිහිවීම සඳහා සිසුන්ට ලබා දීමට අවශ්‍ය කරන තීරණාත්මක දැනුමෙන් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගමය​ 100 අධීක්‍ෂණය කරන ගුරුවරුන් සන්නද්ධ කිරීමේ මූලික පියවර ලෙස මෙම ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වේ.නියාමන පරිසරය, කොටස් වෙළෙඳපොළ, පවතින ප්‍රාග්ධන වෙළෙඳපොළ නිෂ්පාදන පරාසය මෙන්ම ඒකීය භාර පිළිබඳව ගුරුවරුන් දැනුවත් කරමින් පරිපූර්ණ වැඩමුළුවක් පවත්වන ලදී.

න්‍යායික උපදේශනය සහ ප්‍රායෝගික අත්දැකීම් අතර පරතරය අවම කරමින්, ආයෝජන ගතිකත්වය සහ ප්‍රාග්ධන වෙළඳපොළේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාදෙමින් සිසුන් සවිබල ගැන්වීම මෙම ව්‍යාපෘතිය හරහා සිදු වේ. මෙම කාර්යය සඳහා, SEC සහ CSE ප්‍රාග්ධන වෙළඳපොල සංවිධානවල සිසුන් සඳහා සැලකිල්ලෙන් සකස් කරන ලද ක්‍රියාකාරකම් අඩංගු සැලැස්මක් නිර්මාණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කරන ලදී.

අන්තර් පාසල් ප්‍රශ්න විචාරාත්මක තරඟයක් පැවත්වීම එවැනි එක් ක්‍රියාකාරකමකි. එය මෙම වසරේ ජුනි මස පැවැත්වීමට නියමිත අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගමය​ පිහිටුවා ඇති පාසල් 100න් එක් සංවිධානයකින් එක් කණ්ඩායම බැගින්ඊට සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කෙරේ. එම සංවිධානවල සිසුන් සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන තවත් ක්‍රියාකාරකමක් ලෙස ‘ප්‍රාග්ධන කොටස් වෙළෙඳපොළතරඟාවලිය’ දැක්විය හැක. එහිදී අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ පරිදි ක්‍රියාකාරකම්වල ජයග්‍රාහකයින්ට සිංගප්පූරුවට යෑමට අවස්ථාව ලැබෙනු ඇත.

උගත් ආයෝජකයින්ගෙන් සමන්විතවඩාත් විශාල සංචිතයක් මඟින් ඉදිරි වසර වලදී රටට ප්‍රතිලාභ ලැබෙන පරිදි මෙම වැඩසටහනේ සාර්ථකත්වය තහවුරු කිරීම සඳහාSEC සහ CSE ඇප කැපවී සිටී.

Visits: 0