සැම්සුන් ශ‍්‍රී ලංකා 35%ක අසමසම වට්ටම් සමඟින් ‘Wowrudu Wasi’ හඳුන්වා දෙයි

උදාවන සිංහල හින්දු අලූත් අවුරුදු සමය වෙනුවෙන් Samsung Wowrudu Wasi හඳුන්වාදෙමින් සිය පාරිභෝගිකයින් වෙත ප‍්‍රීතිමත් උත්සව සමයක් උදා කර දීමට සැම්සුන් ශ‍්‍රී ලංකා කටයුතු කර ඇත. මාර්තු 4 වන දින සිට අපේ‍්‍රල් 30 වන දින දක්වා ක‍්‍රියාත්මක මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සැම්සුන්හි අද්විතීය තාක්ෂණයෙන් නිෂ්පාදිත නවතම උපකරණ හා නිෂ්පාදන සුවිශේෂී මිලකට ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදා වේ.

ඒ යටතේ නිවසට අවශ්‍ය රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත‍්‍ර සහ මයික්‍රොවේව් ඇතුළු විදුලි උපකරණ වර්ග රැසක් 35%ක් දක්වා වට්ටම් සහිතව මිලදී ගැනීමේ අවස්ථාව සලසා දී ඇති සැම්සුන් නව වසරේ නිවසට නව අසිරියක් එක් කිරීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා කර දී ඇත්තේ ඔවුන්ට සුවිසල් අස්වැසිල්ලක් ලබා දෙමිනි.

මෙම අසමසම දීමනා සම්බන්ධයෙන් සිය සතුට පළකළ සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා ‘‘සෑම වසරකම පාරිභෝගිකයින් වෙනුවෙන් අසමසම ප‍්‍රතිලාභ ලබා දීමේ  සැම්සුන් සම්ප‍්‍රදාය මේ වසරේදීද නවීන තාක්ෂණය සමඟ එක් කරමින් යථාර්තයක් බවට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. ප‍්‍රමුඛ පෙළේ නිෂ්පාදන හා සේවා පාරිභෝගිකයින් වෙත ලබා දීම සඳහා වන අපගේ කැපවීම පිළිබිඹු කරන මෙම සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහන තුළින් ඉහළම වට්ටම් සම`ගින් හොඳම දේ මිලදී ගනිමින් නව වසරේ සතුට භුක්ති විඳින ලෙස සියලූ දෙනාට අප ආරාධනා කර සිටිනවා. ඒ වගේම විශිෂ්ටත්වය උදෙසා අපගේ කැපවීම ප‍්‍රදර්ශනය කරන නව්‍ය තාක්ෂණයේ මහිමය අත්විඳීමට අප සමඟ එක් වන ලෙස අපගේ සියලූ ගනුදෙනුකරුවන්ට ආරාධනා කිරීමටත් මෙය අවස්ථාවක් කර ගන්නවා.’’ යනුවෙන් පැවසුවේය.

සැම්සුන් ගෘහ විදුලි උපකරණ මිලදී ගන්නා ඔබට විශ්වාසනීය කල්පැවැත්ම සමඟින් වසර 20ක වගකීම් සහතිකයක් හිමිකර දීමට කටයුතු කර ඇති සැම්සුන් එවන් සුවිශේෂී වගකීමක් ලබා දෙන එකම සන්නාමය ලෙසද පෙන්වා දිය හැකිය.

මේ සියලූ දේ “Samsung Wowrudu Wasi” තුළින් පහසුවෙන් අත්විඳිය හැකි අතර ජීවන තත්වය ඉහළ නංවා ගැනීමට මෙන්ම නව්‍ය තාක්ෂණික අත්දැකීම් ජීවිතයට එකතු කර ගැනීමටද මෙය සුවිසල් අවස්ථාවක් වනු නිසැකය.

ශ‍්‍රී ලාංකිකයින් වෙත නව්‍ය නිෂ්පාදන හා සේවාවන් නිරන්තරයෙන් හඳුන්වා දෙමින් ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සැපයුම්කරුවකු ලෙස සිය විශිෂ්ටත්වය තුළින් අසමසම අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත ලබා දීමට සැම්සුන් සමත්ව සිටියි.

ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට දිවයින පුරා විදුලි උපකරණ බෙදාහරින්නන් මඟින් උත්සව සමයේ හඳුන්වා දී ඇති වට්ටම් සහිතව සැම්සුන් පාරිභෝගික විදුලි උපකරණ මිලදී ගනිමින් සැම්සුන්හි එම විශිෂ්ටත්වය අත්විඳිය හැකිය.

Views: 0