E B Creasy Solar නිකවැරටියේ ක්‍රියාත්මක කළ දී සූර්ය බලැති වාරි ව්‍යාපෘතිය අවසන් කෙරේ

ඊ.බී ක්‍රීසි සහ සමාගම යටතේ ක්‍රියාත්මක ඊ.බී ක්‍රීසි Solar සමාගම UNDP මූලික අනුග්‍රහය යටතේ විසින් නිකවැරටිය ප්‍රදේශයේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන අති නවීන ජර්මානු Lorentz මාදිලියේ ජල පොම්ප භාවිත කරමින් විශේෂ ව්‍යාපෘතියක් පසුගියදා නිමාවට පත් කරනු ලැබූ බව පවසයි.

කෘෂි වාරි කටයුතු අවශ්‍යතාවය අනුව ජලය බෙදා හැරීමේදීප්‍රායෝගික වෙනසක් සිදු කරන මෙම දැවැන්ත ව්‍යාපෘතිය තුළින් දිනකට ජලය ලීටර මිලියනයක් පොම්ප කිරීමට සමත් වන අතර ඒ සඳහා ඉන්ධන හෝ ජාලක විදුලිය භාවිතයකින්තොරව මුළුමණින්ම සූර්ය බලයෙන් පමණක් ක්‍රියාත්මක වීම සුවිශේෂී වේ.

මේ අනුව මෙරට ප්‍රධාන කෘෂිකාර්මික කලාපයක් වන නිකවැරටිය ප්‍රදේශයේ ජල හිඟතාවයෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ගොවියන්ගේ ජන ජීවිතයේ සැලකිය යුතු පරිවර්තනයක් ඇති කිරීමට මෙම ව්‍යාපෘතිය පිටිවහලක් වේ.

තිරසර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙකී ක්‍රියාදමයඅදාළ ග්‍රාමයේ ගොවීන්හට කිසිදු බාධාවකින් තොරව ජලයසැපයීම අරමුණු කර ගනියි. එමෙන්ම සූර්ය බලය ආශ්‍රයෙන් ඊ.බී ක්‍රීසි Solar සහ UNDP විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන ඔස්සේ මෙම කලාපයේ තිරසාර සමෘද්ධිමත් භාවය හා පරිසර හිතකාමී කෘෂිකාර්මික භාවිතයන් ප්‍රවර්ධනය කිරීමට ද ඉවහල් වේ.

තවද, ඊ.බී ක්‍රීසි Solar සහ UNDP විසින් දියත් කරන මෙම ව්‍යාපෘතියේ මූලික පරමාර්ථයෙන් ඔබ්බට ගොසින් ගොවීන්ට කිසිදු වියදමකින් තොරව තාක්ෂණික සහාය සහ නඩත්තු සේවාවන් ලබා දීමට පොරොන්දු වී තිබීම කැපී පෙනේ.

මෙම මහඟු කර්තව්‍ය මඟින් ව්‍යාපෘතියේ දීර්ඝකාලීන සාර්ථකත්වය මෙන්ම තිරසාරත්වය සහතික කරමින් ඊ.බී ක්‍රීසි Solar, ප්‍රජා සේවය සඳහා වූ දක්වන ආයතනික සමාජ වගකීම පිළිබඳ කැපවීම මනාව අවධාරණය කරයි.

Views: 0