HNB ආර්ථික අභියෝග මධ්‍යයේ 2023 වසර සඳහා තිරසාර කාර්යසාධනයක් වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව (HNB ) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකයන්හි අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාවය, වත්කම්වල ගුණාත්මකභාවය, ප‍්‍රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇතුළු සෑම අංශයකින්ම ශක්තිමත් හා තිරසාර මූල්‍ය කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇතැයි පවසයි.

ඒ අනුව හැටන් නැෂනල් බැංකුව 2022 වසරේදී වාර්තා කළ රු. බිලියන 14.0 බදු පසු ලාභයට (PAT) සාපේක්ෂව 2023 වසරේදී රු. බිලියන 20.35 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර HNB සමූහය 2022 වසරේ වාර්තා කළ රු. බිලියන 15.7 ක බදු පසු ලාභයට (PAT) සාපේක්ෂව 2023 වසරේදී රු. බිලියන 23.6 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.

HNB හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කොටසකට රුපියල් 4.00 ක මුදල් ලාභාංශයක් සහ කොටසකට රුපියල් 4.00 ක කොටස් ලාභාංශයක් ඇතුළුව කොටසකට රුපියල් 8.00 ක අවසාන ලාභාංශයක් යෝජනා කරන ලදී.

මේ අතර, බැංකුවේ පොළී ආදායම 2023 වර්ෂය සඳහා රුපියල් බිලියන 284.1ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 37.2% ක වර්ධනයක් පෙන්නුම් කරයි. එයට මූලික වශයෙන් හේතු වූයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහළ දැමූ මූල්‍ය ප‍්‍රතිපත්තියට අනුකූලව බර තබන ලද ප‍්‍රතිපත්ති ණය පොලී අනුපාතිකය (AWPLR) ප‍්‍රතිශතාංක 8කින් පමණ පහළ යාමයිx තැන්පතු අනුපාත පහත වැටුණද, ඉහළ පොලී අනුපාත යටතේ කාලීන තැන්පතු ඇතුළුව තැන්පතුවල 12.2% ක වර්ධනය හේතුවෙන් පොළී වියදම් 72.6% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 179.8ක් බවට පත් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ශුද්ධ පොළී ආදායම රුපියල් බිලියන 104.3 ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 1.4%ක වර්ධනයකි.

ඉහළ ක්‍රෙඩිට් කාඞ්පත් ගනුදෙනු, බැංකු හෝ මුදල් හුවමාරු සේවා වැනි විධිමත් මාර්ග හරහා මෙරටට එවන ලද විදේශ පේ‍්‍රෂණ වැඩි වීම සහ අපගේ ඩිජිටල් බැංකු සේවා භාවිතය වැඩි වීම හේතුවෙන් බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 15.2 සිට රුපියල් බිලියන 15.8 දක්වා ඉහළ ගිය අතර එය පසුගිය වසරට සාපේක්ෂව වසර 4.4% ක වර්ධනයක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, 2022 වසරේදී රුපියලේ අගය අවප‍්‍රමාණය වීමට සාපේක්ෂව 2023 වසරේදී ශ‍්‍රී ලංකා රුපියල අතිප‍්‍රමාණය වීම නිසා විදේශ මුදල් හුවමාරු පරිමාව (SWAP) ඉහළ යාම සහ ශේෂ පත‍්‍රයේ වත්කම් නැවත තක්සේරු කිරීම හේතුවෙන් පසුගිය වසරේ එම කාලසීමාව සඳහා බැංකුව ශුද්ධ විදේශ විනිමය අලාභයක් වාර්තා කළේය.

HNB සභාපති නිහාල් ජයවර්ධන සහ HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහත්වරුන්

2023 වසරේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපති නිහාල් ජයවර්ධන මහතා පැවසුවේ ‘‘මූල්‍ය අර්බුදයෙන් ඇති කළ අභියෝග නොතකා අපි 2023 වසර ආරම්භ කළේ ශුභවාදීව. කෙසේ වෙතත්, පවතින අවිනිශ්චිතතාවයන් පිළිබඳව අපි අවධානයෙන් සිටියා. මෙම අවිනිශ්චිතතාවයන් හරහා ඉදිරියට ගමන් කිරීම සඳහා ප‍්‍රධාන අවදානම් ක්ෂේත‍්‍ර සහ අවස්ථාවන් කෙරෙහි HNB අධ්‍යක්ෂ මණ්ඩලය නිරන්තරයෙන් අවධානය යොමු කළ නිසා සමස්තයක් ලෙස ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කිරීමට අපට හැකි වුනා.’’ යනුවෙනි.

HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ‘’මෙවැනි අභියෝගාත්මක සහ අවිනිශ්චිත කාලවලදී තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම, ගනුදෙනුකාරභවතුන්ට ඔවුන්ගේ ව්‍යාපාර නැවත ගොඩ නගා ගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීම, ආයතනයේ සේවකයින්ගේ සේවය ඇගයීමට ලක් කිරීම සහ නිසි දීමනා ලබා දීම මෙන්ම ආයෝජකයින්ට ඔවුන් සිදු කරනු ලබන ආයෝජනය හා සම්බන්ධ අවදානම් සැලකිල්ලට ගනිමින් ප‍්‍රමාණවත් ලාභයක් ලබා දීම සඳහා තිරසාර වර්ධනයක් කෙරෙහි HNB අවධානය යොමු කරනු ලැබුවා.’’ යනුවෙන් පැවසීය.

Views: 0