සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තා ව්‍යවසාකයන් වෙනුවෙන් ඩොලර් මිලියන 50ක අරමුදලක් පිහිටුවෙයි

ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තා ව්‍යවසායකයන් වෙනුවෙන් ඩොලර් මිලියන 50ක අරමුදලක් දියත් කිරීමට ලෝක වෙළෙඳ සංගමයේ (WTO) පසුගියදා පියවර ගෙන තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය වන න්ගෝසි ඔකොන්ජෝ-ඉවේලාගේ ප්‍රධානත්වයෙන් මෙම අරමුදල ආරම්භ කර තිබේ.

විශේෂයෙන්ම ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන්ට ඩිජිටල් ආර්ථිකය හරහා ලබා දෙන අවස්ථාවන් යොදා ගනිමින් වඩා වැඩියෙන් අපනයන වෙළෙඳ පොළ වෙත පිවිසීමේ අවස්ථාව උදා කරදීමේ අරමුණින් මෙම අරමුදල ආරම්භ කර තිබේ.

ලබන පෙබරවාරි 29 වැනිදා එක්සත් අරාබි එමීරයේදී ආරම්භ වන ලෝක වෙළෙඳ සංගමයේ 13 වැනි අමාත්‍යමණ්ඩල සමුළුවට පෙරාතුව මෙම අරමුදල පිළිබඳව නිවේදනය කිරීමත් විශේෂත්වයකි. මෙහිදී එමීරය මෙම අරමුදල සඳහා ඩොලර් මිලියන 5ක මුදලක් ලබා දී තිබේ.

මෙම අරමුදල මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල සිටින කාන්තාවන් මගින් පවත්වානෙ යන ව්‍යාපාර වෙත අවශ්‍ය ඩිජිටල් තාක්ෂණ දායක කරගැනීමට අවස්ථාව ලබාදීම සහ ඔවුන්ගේ අන්තර්ජාල භාවිතය ඉහළ නැංවීම සැලසුම වී තිබේ.

Views: 0