ජෙෆ් බෙසොස්ගේ දික්කසාද බිරිය 2023 දී ඩොලර් බිලියන 10ක Amazon කොටස් විකුණලා

සුප්‍රසිද්ධ Amazon සමාගමේ නිර්මාතෘවරයා වන ජෙෆ් බෙසොස්ගේ දික්කසාද බිරිඳ වන මැකෙන්සි ස්කොට් පසුගිය 2023 වසරේදී එම සමාගමේ කොටස් මිලියන 65.3ක් අලෙවි කර ඇතැයි වාර්තා වෙයි.

53 හැවිරිදි පරාර්ථකාමී සමාජ සේවිකාවක් වන ඇය මෙලෙස අලෙවි කර ඇති කොටස්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 10.4කට ආසන්න වන බව පැවසෙයි.

වසර 25ක විවාහ දිවියකින් අනතුරුව 2019 වසරේදී ඇය සහ ජෙෆ් බෙසොස් දික්කසාද වීමට තීරණය කළහ. එම අවස්ථාවේදී ඇය වෙත Amazon සමාගමේ 4෴ක කොටස් ප්‍රතිශතයක් හිමි වූ අතර, එහි වටිනාකම ඩොලර් බිලියන 38.3ක් විය.

මෙම හිමිවීමත් සමගින්ම ඇය බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ ලොව ධනවත්ම පුද්ගලයන් 500 දෙනා අතරින් 22 වැනි ස්ථානයට පත් වූ අතර, එම අවස්ථාවේදී ඇය ලොව වඩාත් ධනවත්ම කාන්තාව බවටද පත්වූවාය.

ගත වූ මෙම වසර පහක කාලය තුළදී ඇය තමන් සතු Amazon කොටස් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරගෙන ඇති අතර, මේ දක්වා එම කොටස් හිමිකාරීත්වයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ඇය අලෙවි කර තිබේ. එම මුදල් අතරින් බොහෝමයක් ඇය පුණ්‍ය කටයුතු වෙනුවෙන්ප්‍රදානය කර ඇතැයිද සඳහන් වෙයි.

Visits: 0