ඉන්ධන මිල ඉහළට

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. අද (01) අලුයම 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදු කෙරී තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 366 ක් ලෙස සටහන්ව තිබේ. එසේම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 464ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 358කි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 41කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 475ක් ලෙස සටහන්ව තිබේ.

මීට අමතරව භූමිතෙල් මිලද රුපියල් 11කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 236ක් බවට පත්ව තිබේ.

ලංකා අයිඕසී සහ සයිනොපෙක් ඉන්ධන මිල ගණන්ද මේ අනුව වෙනස්වීමට නියමිතව තිබේ.

Visits: 22