Alpha Fire Services PLC සිය කොටස් අතුරු බෙදීමකට සැරසෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Alpha Fire Services PLC සමාගම (AFS.N0000) සිය කොටස් අතුරු බෙදීමක් (Subdivision) සඳහා තීරණය කර ඇතැයි පවසයි. ඒ සඳහා වන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ඊයේ (04) දිනයේදී හිමිව තිබේ.

ඒ අනුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක්ම තවත් කොටස් පහක් ලැබෙන ලෙස (1:5) අනුපාතය යටතේ මෙම කොටස් අතුරුබෙදීම සිදුවෙයි.

මේවනවිට සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 7,590,000 කි. ඒ අනුව මෙම පියවරත් සමගින්ම එය කොටස් 37,950,000ක් දක්වා ඉහළ යාමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් මෙහිදී සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනයෙහි වෙනසක් සිදු නොවන බව සමාගම සඳහන් කරයි.

මේ අතර අදාළ කොටස් අතුරු බෙදීම සම්බන්ධයෙන් වන තීරණය කොළඹ කොටස් හුවමාරුවෙහි මෙන්ම සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහාද නියමිතව ඇතැයි සමාගම පවසා සිටියි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී Alpha Fire Services PLC කොටසක වටිනාකම රුපියල් 36ක් ලෙස සටහන්ව තිබුණි.

Visits: 76