අරුණි ගුණතිලකSunshine Holdings PLC හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස පත් කරයි

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා අරුණි ගුණතිලක මහත්මිය පත් කර ඇති බව එම ආයතනය පසුගියදා නිවේදනය කළේය. ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ තුළ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති ගුණතිලක මහත්මිය පාලනය, ව්‍යවසාය අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර විගණනය සහ ණය විශ්ලේෂණය පිළිබඳ විශේෂඥ දැනුමකින් පරිපූර්ණය.

ඇය සිංගප්පූරුවේ සහ ශ‍්‍රී ලංකාවේ ගෝලීය සහ දේශීය බැංකුවල ජ්‍යෙෂ්ඨ නායකත්ව භූමිකාවන්හි සහ සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව සමඟ ණය සහ අභ්‍යන්තර විගණන පිළිබඳ වගකිවයුතු භූමිකාවන් දරමින් රටවල් කිහිපයකම සේවය කර ඇත.

2023 ජූනි 9 වන දින දක්වා, ගුණතිලක මහත්මිය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඇයගේ නායකත්වය යටතේ, පසුගිය කාලයේ උදාවුණු ආර්ථික හා මූල්‍ය අර්බුද කළමනාකරණය කිරීමට එම බැංකුව සමත් විය. ඊට අමතරව ඇය ප‍්‍රමුඛ පෙළේ රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස සුවිශේෂී සේවයක් ඉටුකර ඇත.

ඇය මින් ඉහතදී ද (2020 අගෝස්තු සිට 2021 නොවැම්බර් දක්වා) සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ තනතුර දරමින්, සංවිධානයේ වර්ධනයට සහ සාර්ථකත්වයට කැපවූවාය.

ඇයගේ මූල්‍ය ප‍්‍රවීණත්වයට අමතරව, ඇයට ජාත්‍යන්තරත වශයෙන් අත්දැකීම් රැසක් ඇති අතර විවිධ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙහිලා නිපුණත්වයක් පෙන්නුම් කරයි. එබැවින් සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ඉදිරි ගමනට ඇගේ අත්දැකීම් සහ සම්බන්ධතා බෙහෙවින් ඉවහල්වනු ඇත.

ගුණතිලක මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (ගෞරව) උපාධියක් සහ කේම්බි‍්‍රජ් හි හාවඞ් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් ද ලබාගෙන සිය අධ්‍යයන ජීවිතය ද ජය ගත් ආදර්ශමත් කාන්තාවකි.

ඇයගේ නායකත්වය සහ දායකත්වය මගින් ආයතනික පරිවර්තනයක් ඇති කිරීමට, ආයතනික කළමණාකරණයට සහ ඵලදායී කළමනාකරණ උපාය මාර්ග ක‍්‍රියාත්මක කිරීමට ඇයට ඇති හැකියාව පිළිබිඹු කරයි. සන්ෂයින් හෝල්ඩිංග්ස් විශ්වාස කරන්නේ අරුණි ගුණතිලක ඇයගේ පුළුල් අත්දැකීම් සමඟින් සමාගමේ වර්ධනයට සහ සාර්ථකත්වයට සැලකිය යුතු දායකත්වයක් සපයනු ඇති බවයි.

Visits: 69