මහනුවර ඇසළ පෙරහැර සඳහා මහජන බැංකුව අනුග්‍රාහක දායකත්වය පිරිනමයි

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මහජන බැංකුව මෙවරත් අනුග්‍රාහක දායකත්වය පිරිනමන බව පවසයි.

ශ්‍රී දළදා මාලිගාවේදී පසුගියදා දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා වෙත මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය කළමනාකාර නලින් පොත්තෙවෙල මහතා අතින් මෙම ප්‍රදානය සිදුකෙරිණි. 

මේ අවස්ථාවට මහනුවර සහකාර ප්‍රාදේශීය කළමනාකාර ජනක ජයසිංහ, මහනුවර ශාඛා ජ්‍යෙෂ්ඨ කළමනාකාර ප්‍රසන්න කරුණාරත්න සහ ප්‍රාදේශිය ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී ක්‍රිෂාන්ත කුලසිංහ යන මහත්වරුන් ද  සහභාගි විය.

පෞරාණික සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් දේශිය නර්තනාංගයන්ගෙන් විචිත්‍රවත්ව පැවැත්වෙන මෙම සංස්කෘතික මංගල්‍යයට නොකඩවා අනුග්‍රාහක දායකත්වය ලබාදීම පිළිබඳව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා මෙහිදි මහජන බැංකුව වෙත තම ස්තුතිය පුදකළේය.

Views: 34