එයිට්කන් ස්පෙන්ස් සමූහයේ Heritance Negombo නොවැ. 01 සිට Sentido Heritance Negombo වෙයි

එයිට්කන් ස්පෙන්ස් සමූහයට (Aitken Spence PLC) අයත් එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමාගම යටතේ පවතින Heritance Negombo හෝටලය ලබන නොවැම්බර් 01 වැනිදා සිට Sentido Heritance Negombo  ලෙස නම් වෙනස් කිරීමක් සිදු කරන බව එයිටක්න් ස්පෙන්ස් පීඑල්සී සමාගම පවසයි.

Heritance Negombo හෝටලයේ කළමනාකාරිත්වය හිමි  බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පීඑල්සී සමාගම ඊයේ දිනයේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව අනාවරණය කර සිටියි.

ජර්මනියේ හෝටල් කළමනාකරණ ආයතනයක් වන DER Touristik Hotels & Resots GMBH සමාගම සහ Heritance Negombo හෝටලය අයත් Negombo Beach Resorts (Private) Limited සමාගම අතර ඇති කරගත් එකඟතාවක් අනුව මෙම නම් වෙනස් කිරීම සිදුව තිබේ.

මෙහිදී DER Touristik Hotels & Resots GMBH සමාගම යටතේ ඇති Sentido සමාගම සමගින් ඇති කරගත් උපායමාර්ගික වරලත් හවුල්කාරීත්වයක් යටතේ Heritance Negombo හෝටලයේ කළමනාකාරීත්වය පැවරීමක් සිදු කිරිමත් සමගින්ම මෙලෙස එම නම් වෙනස් වීමසිදුවන බව සමාගම පවසයි.

විශේෂයෙන්ම ගෝලීය සංචාරකයන් සඳහා වඩාත් උසස් ආගන්තුක සත්කාර අත්දැකීමක් ලබාදීමේ අරමුණින් මෙම කටයුතු සිදු කරන බවත්, ලබන නොවැම්බර් 01 වැනිදා සිට මෙලෙස Heritance Negombo හෝටලය Sentido Heritance Negombo  බවට පත්වන බවත් බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පීඑල්සී පවසයි.

ජාත්‍යන්තර හෝටල් සන්නාමයක්වන Sentido 2009 වසරේදී ස්ථාපිත කර තිබේ. අද වනවිට එම සන්නාමය අප්‍රිකාව, ආසියාව සහ යුරෝපය පුරා ව්‍යාප්ත වී තිබේ. 2019 වසරේදී Sentido සන්නාමය අත්පත් කරගැනීමට DER Touristik සමාගම කටයුතු යොදා තිබේ.

Visits: 146