ලෝටස් හයිඩ්‍රො පවර් පීඑල්සී වෙතින් රුපියල් 1.40 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලෝටස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී සමාගම (HPFL.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.40ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සඳහන් වෙයි.

මෙය 2024 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ජූලි 31 වැනිදා ලෙස ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 15 වැනිදා නම් කෙරී තිබේ.

අවසන්වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වූ පසුගිය සිකුරාදා දිනයේදී ලෝටස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 8.30ක් ලෙස සටහන් විය. මෙය පෙර දිනය හා සැසඳීමේදී රුපියල් ශත 10ක එනම් 1.22%ක ඉහළ යාමකි.

2022 මාර්තු 31 වැනිදා වනවිට එම සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 73.66%ක් හිමිව ඇත්තේ NDB බැංකුව/ලෝටස් රිනීවර්බල් එනර්ජ් පෞද්ගලික සමාගම වෙතටයි. එසේම සම්පත් බැංකුව සහ ආචාර්ය ටී. සෙන්තිල්වර්ල් අතර ඇති ගිණුමක් වෙත 13.75%ක කොටස් හිමිකාරීත්වයක් පවතී. මීට අමතරව සෙලාන් බැංකුව සහ සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්ගලික) සමාගම වෙත තවත් 1.43% ක කොටස් ප්‍රතිශතයක් හිමිය.

Visits: 97