JAT Holdings PLC සිය මෙහෙයුම් කෙන්යාවටත් ව්‍යාප්ත කරමින් JAT Paints Africa ස්ථාපිත කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත JAT Holdings PLC සමාගම සිය මෙහෙයුම් කෙන්යාව ඇතුළු නැගෙනහිර අප්‍රිකාව තුළ ව්‍යාප්ත කිරීම සඳහා කටයුතු යොදා ඇතැයි පවසයි.

ඒ අනුව මේ යටතේ JAT Holdings PLC සමාගම සිය පරිපාලිත සමාගමක් වන JAT Exports DMCC සමාගම සහ කෙන්යාවේ Mayleen Corp සමාගම අතර ඒකාබද්ධ එකඟතා ගිවිසුමකට එළැඹීම පසුගියදා සිදුව තිබේ.

මෙම එකඟතාව අනුව කෙන්යාව තුළ JAT දැව ආලේපන නිෂ්පාදන නිෂ්පාදනය සහ අලෙවි කිරීම සිදු වනු ඇතැයි සඳහන් වෙයි.

මෙහිදී එම එකඟතාව යටතේ JAT Paints Africa යන නමින් නව සමාගමක් ස්ථාපිත කිරීමද සිදුව තිබේ.

JAT Holdings PLC සමාගම අද වනවිට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින තුළ දැව ආලේපන වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස ක්‍රියා කරයි.

ඉදිරියේදී සිය විශේෂඥතාව තවත් අදියරකට ඉහළ නැංවීමේ අවස්ථාවක් ලෙස මෙය හැඳින්වෙන බවත්, සිය මූලික මහජන කොටස් නිකුතුවේදී සඳහන් කළ ආකාරයට ආයෝජන ප්‍රමුඛතා සඳහා වන උපායමාර්ගික පිළීවෙත් මෙම සුවිශේෂී කඩඉම වෙත අවස්ථාව සලසා දුන් බවත් සමාගම පවසයි.

2005 වසරේදී මෙහෙයුම් ඇරඹූ Mayleen Corp සමාගම කෙන්යාව තුළ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන අතර එකිනෙකට වෙනස් ව්‍යාපාර ක්ෂේත්‍ර රැසක නියැලී සිටියි. එහි නිර්මාතෘවරයා වන්නේ ශ්‍රී ලාංකිකයෙකු වන රුවන් ප්‍රනාන්දු මහතාය.

Visits: 90