Centrum Marine සිය නවීන සංකල්පීය මූලස්ථානය දියත් කරමින් නව අදියරකට පිවිසෙයි

ශ්‍රී ලංකාවේ සාගර වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා සපයන ප්‍රමුඛතම ආයතනයක් වූ Centrum Marine Consultancy ආයතනය නව්‍ය සංකල්පීය ගොඩනැංවීම් සහිත සිය මූලස්ථාන ගොඩනැගිල්ල අංක 446, ආර්.ඒ ද මෙල් මාවත, කොළඹ 03 ස්ථානයේ  ‘446 Centrum Haus’ නමින් සුබ මොහොතින් විවෘත කරන ලදී.

වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් සුබ මොහොතින් මෙම මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත වූ අතර,  Centrum Marine Consultancy ආයතනයේ නිර්මාතෘ/කළමනාකාර අධ්‍යක්ෂ කාලිංග ද සිල්වා මහතා, තානාපති සේවාවේ ප්‍රභූන්, විශේෂ ආරාධිත අමුත්තන් ඇතුළු ආයතනයේ සේවක මණ්ඩලය මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී විය. නවීන අංගෝපාංග සහිතව, සියලු පහසුකම්වලින් පරිපූර්ණව නව්‍ය ගෘහ නිර්මාණ සංකල්පයකට අනුව නිමැවූ මෙම ගොඩනැගිල්ල තුළින් සාගර වෘත්තීය මානව සම්පත් කළමනාකරණයට නව ප්‍රවේශයක් විවර වෙයි.

ගෝලීය නැව් හිමිකරුවන් සහ කළමනාකාරවරුන් මුහුණදෙන බඳවාගැනීම්, ස්ථානගත කිරීම් සහ වෘත්තිකයන් පවත්වාගැනීම් ආදී වූ සංකීර්ණ මානව සම්පත් අභියෝග සියල්ලටම විසඳුම් සොයාගැනීමට සහ ඒවා විශේෂඥ වෘත්තීයභාවයකින් හැසිරවීම සඳහා මෙම ස්ථානයේ සියලු පහසුකම් ගොඩනංවා ඇත.

ලොව පිළිගත් නැව් සමාගම් විශාල ප්‍රමාණයක ශ්‍රී ලාංකීය සමුද්‍ර වෘත්තීයවේදීන් 16000කට අධික ප්‍රමාණයක් සක්‍රීයව සේවය කරන අතර එම සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඉදිරියට ඇදෙයි. සමුද්‍ර වෘත්තීයවේදීන් පිළිබඳ සැළකීමේ දී වඩාත් ඉහළ වෘත්තීයභාවයක් සහිත විශ්වාසනීය වෘත්තිකයන් සිටින රටක් ලෙස සියලු දෙනාගේ විශ්වාසය වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

සාගර වෘත්තීය අධ්‍යාපනය සහ ඊට අදාළ වූ යටිතල පහසුකම් වර්ධනය වීම මෙන්ම ඉහළ පුහුණුකිරීම් ක්‍රියාවලිය නිසාම ශ්‍රී ලාංකික සමුද්‍ර වෘත්තීයවේදීන් ලෝකයේ සිටින ඉහළම තලයේ වෘත්තිකයන් ලෙස ලොව පුරා ඇගයීමට ලක්වී තිබේ.

2020 දී කාලිංග ද සිල්වාගේ සංකල්පයක් මත ගොඩනැංවූ Centrum Marine Consultancy ආයතනය නාවික මානව සම්පත් සේවා ලබාදෙන අතර වසර 45කට වැඩි වෘත්තීය අත්දැකීම්වලින් සැදුම්ලත් කණ්ඩායමක් මෙහි මෙහෙයුම් කටයුතු සිදුකරයි. ශ්‍රී ලාංකීය සමුද්‍ර වෘත්තීයවේදීන්  ගෝලීයව පිළිගත් නාවික වෘත්තිකයන් ලෙස ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් ආයතනය ඉතා විශාල කැපකිරීමක් සිදුකරයි.

ලොව පිළිගත් පුහුණුවීම් සහ වෘත්තීය අත්දැකීම් ශ්‍රී ලාංකික නාවික වෘත්තිකයන්ට ලබාදෙමින් වඩාත් මිත්‍රශීලිව සහ විශ්වාසවන්තව ගෝලීය නැව් හිමිකරුවන්ගේ සහ කළමනාකරුවන්ගේ විශ්වාසය ගොඩනගා ගැනීමට මග කියාදෙමින් ශ්‍රී ලංකාව වඩාත් උසස් වෘත්තීයභාවයක් සහිත නාවික වෘත්තිකයන්ගේ තෝතැන්නක් බවටත් ගෝලීය නාවික කර්මාන්තය වෙනුවෙන් හොඳ තෝරාගැනීම් ස්ථානයක් බවටත් පත් කිරීමට Centrum Marine Consultancy ආයතනය සියලු කැපකිරීම් සිදුකරයි.  

Visits: 51