සැම්සුන් Galaxy පරිශීලකයින් සඳහා “Rediscover Sri Lanka” ඡායාරූප තරඟය හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන සැම්සුන්, සිය Galaxy පරිශීලකයින් සඳහා “Rediscover Sri Lanka with Galaxy” යන නව ඡායාරූප තරඟය පසුගියදා හඳුන්වා දුන්නේය.

දැනටමත් පුළුල් අවධානයක් දිනා ගෙන ඇති මෙම ඡායාරූප තරඟය පැවැත්වීමේ අරමුණ වන්නේ සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කරමින් සහ රටේ ආර්ථික වර්ධනයට සහාය වන අතරම ශ‍්‍රී ලංකාවේ සුන්දරත්වය කියාපාන මනස්කාන්ත ස්ථානය සහ විචිත‍්‍රවත් සංස්කෘතිය ලොවට ප‍්‍රදර්ශනය කිරීමයි.

සංචාරය කිරීමට සහ ශ‍්‍රී ලංකාවේ මනස්කාන්ත හා දර්ශනීය ස්ථාන ඡායාරූපගත කිරීමට දැඩි කැමැත්තක් ඇති සැම්සුන් ජංගම දුරකතන පරිශීලකයින් සඳහා පමණක් විවෘත මෙම ඡායාරූප තරඟයේ ජයග‍්‍රාහකයින් දෙදෙනෙකුට ශ්‍රී ලංකාවේ සුන්දර ගමනාන්ත වෙත කෙටි නිවාඩුවක් ගත කිරීමට සුවිශේෂී අවස්ථාවක් ලබා දෙයි.

මෙම තරඟය සඳහා සහභාගී වීමට, පරිශීලකයින් ශ්‍රී ලංකාව ගැන ඔවුන් සතු හොඳම ඡායාරූප #SriLanka සහ #withGalaxy යන හැෂ්ටැග් භාවිත කරමින් ඔවුන්ගේ Instagram හෝ Facebook පිටු වෙත upload කර සැම්සුන් ශ්‍රී ලංකා නිල පිටුව වෙත සෘජු පණිවිඩයක් (DM) යැවීමට අවශ්‍ය වේ. මෙම ඡායාරූප තරඟය Nature, Culture, Beach, Wildlife සහ Lifestyle යන කාණ්ඩ පහකින් සමන්විත වන අතර, එක් එක් කාණ්ඩයෙන් ජයග‍්‍රාහකයින් පස් දෙනෙකු තෝරා ගනු ලැබේ.

මෙම තරඟය දියත් කිරීමෙන් සැම්සුන් අරමුණු කරන්නේ ශ්‍රී ලංකාවේ හරතවත් කඳු පන්ති, සුන්දර වෙරළ තීරය, ඓතිහාසික මංමාවත්, රසවත් වීදි ආහාර, වෑංජන සහ දේශීය ජනතාව අතර ජනප‍්‍රිය ඉතා රසවත් රසකැවිලි කෑම ඇතුළු ශ‍්‍රී ලංකාවේ සුන්දරත්වය ලොවට කියා පෑමටය. මේ හරහා ශ්‍රී ලාංකේය ජනතාවගේ ආගන්තුක සත්කාරය විශේෂයෙන් ඉස්මතු කිරීමට ද සැම්සුන් බලාපොරොත්තු වෙයි. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය කියාපාන ආකර්ෂණීය ඡායාරූප බෙදාහදා ගැනීමට සහභාගිවන්නන් දිරිමත් කිරීම මගින් මෙය සාක්ෂාත් කර ගැනීම සැම්සුන් අරමුණු කරයි. “A picture is worth a thousand words” යන කියමනට අනුව, සිත් ඇදගන්නා ඡායාරූප හරහා ශ‍්‍රී ලංකාවේ සුන්දරත්වය සියැසින් දැකබලා ගැනීමට මෙරටට පැමිණීමට සංචාරකයින් පොළඹවනු ඇතැයි සමාගම විශ්වාස කරයි.

සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා මෙම ඡායාරූප තරඟය දියත් කිරීමේ සන්නාමයේ අරමුණ පැහැදිලි කරමින් පැවසුවේ ‘‘ශ‍්‍රී ලංකාව දැඩි අභියෝගයකට මුහුණ දුන්නා. එය අපගේ ජාතික ප‍්‍රතිරූපයට ද බලපෑ අතර අපේ රටට පැමිණීමට සංචාරකයින් තුළ තිබූ විශ්වාසය අඩු වීමට ද හේතු වුනා. සැම්සුන් හට අවශ්‍ය වන්නේ ශ‍්‍රී ලංකාවේ සුන්දරත්වය කියාපාන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත යැවීමෙන් මෙම හැඟීම වෙනස් කිරීමටයි.’’

මෙම සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහන Samsung Galaxy ස්මාර්ට් ජංගම දුරකතන සහ ටැබ්ලට් භාවිත කරන්නන් සඳහා පමණක් වන අතර, එය smartphone ක්ෂේත‍්‍රයේ පෙරළිකාර මුලපිරීමක් බවට පත් කරයි. සහභාගිවන්නන්ට සතිපතා වවුචර් පත් හෝ සුපිරි ත්‍යාගය වන ශ‍්‍රී ලංකාවේ මනස්කාන්ත ගමනාන්ත වෙත අපූරු කෙටි නිවාඩුවක් දිනා ගැනීමට අවස්ථාවක් තිබේ.

මෙම #RediscoverSL ප‍්‍රවර්ධන වැඩසටහනට සහභාගී වන ආකාරය පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා, පරිශීලකයින්ට සැම්සුන් ශ්‍රී ලංකා හි සමාජ මාධ්‍ය පිටු වෙත පිවිසිය හැක. සැම්සුන් සිය Galaxy smartphones හරහා ඔබගේ මනසට සන්සුන් බව හා සැහැල්ලූව ලබා දෙමින් සිය පාරිභෝගික අවශ්‍යතාවලට ප‍්‍රමුඛත්වය දීමට කැපවී සිටී. Samsung Members යෙදවුමේ ඇති අන්තර්ක‍්‍රියාකාරී ලක්ෂණ සහ ප‍්‍රශස්තිකරණය මඟින් device ක‍්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම පහසුවෙන් සිදු කරන අතර එහි උපකාරක සේවාව මගින් ඕනෑම ගැටලූවක් නිරාකරණය කිරීම සඳහා අමතර සහායක් ලබා දෙයි.

Views: 40