වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම කැබැතිගොල්ලෑව සෝලාර් පවර් (පෞද්) සමාගම මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබැතිගොල්ලෑවේ පිහිටි මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාර සමාගමක 92% ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

ඒ අනුව මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු වෙනුවෙන් වින්ඩ්ෆෝර්ස් සමාගම සිදු කර ඇති සමස්ත ආයෝජනයේ වටිනාකම රුපියල් බිලියන 2.70ක් (2,709,735,234ක්) වන බව පවසයි.

මෙහිදී එම සමාගම මගින් සිදුළ මූලික මහජන කොටස් නිකුතුවෙන් රැස් කරගත් රුපියල් 427,345,456ක මුදලක්ද මේ සඳහා යොදවා ගෙන ඇති බවත්, එම මුදල් එම සමාගමේ සංස්ථා ප්‍රකාශයේ සඳහන් වූ “වෙනත් ව්‍යාපෘති“ ලෙස සඳහන්ව තිබූ බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි. මෙලෙස වෙනත් ව්‍යාපෘති සඳහා වෙන් කර තිබූ මුදල රුපියල් 931,845,456 කි.

එසේම මෙම ආයෝජනය සඳහා යෙදවූ ඉතිරි මුදල සමාගම මගින් උපයාගත් මුදල් වන බවත් වින්ඩ්ෆොර්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙම කැබිතිගොල්ලෑව සූර්ය විදුලි බල ව්‍යාපෘතිය 2024/25 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුවේදී පමණ වැඩ අවසන් කිරීමට නියමිතව තිබේ.

Visits: 204