ලිට්‍රෝ ගෑස් ලංකා රු.150ක ලාභාංශ මුදලක් ශ්‍රී ලංකා රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා දෙයි

ශ්‍රී ලංකාවේ ජාතික LP ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, මෑතකදී ලාභාංශ ලෙස රු. බිලියන 1.5ක (මිලියන 1,500) සුවිශේෂී මුදලක් එහි ප්‍රාථමික කොටස් හිමියා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් හරහා ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාරයට ගෙවීමක් සිදු කර තිබේ.

රජයට අයත් ලාභ උපයන ආයතන අතළොස්සෙන් එකක් ලෙස, ලිට්‍රෝ සමාගමෙහි සාර්ථකත්වය එහි උපායමාර්ගික කළමනාකරණය, කාර්යක්ෂමතාව සහ ජනතා අවශ්‍යතා සඳහා කැපවීම පිළිබඳ කදිම සාක්ෂියකි.

ආයතනයේ බුද්ධිමත් මූල්‍ය වැඩ පිළිවෙල නිසා රාජ්‍ය භාණ්ඩාගාරයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට ඉඩ ලැබී ඇති අතර, රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා සඳහා අරමුදල් සැපයීමට රජය දරන ප්‍රයත්නයට දැඩි පිටිවහලක් සපයයි .

මෙවන් තීරණාත්මක මොහොතක රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට හැකිවීම පිළිබඳව සිය සතුට කරන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා, “රාජ්‍ය ව්‍යවසායයක් ලෙස අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ජනතා සුභසිද්ධියට ප්‍රමුඛත්වය දීමටයි. එනිසා, විශේෂයෙන්ම Covid-19 කාලයේ රට වසා දැමීම වැනි දුෂ්කර කාල වකවානුවලදී පවා, අපි නිවාස සහ ව්‍යාපාර යන අංශ දෙකේම පාරිභෝගිකයන්ට අඛණ්ඩ සැපයුමක් සහතික කළෙමු. ගෝලීය වෙළඳපොලේ LP ගෑස් මිල අඩුවූ විට එහි ප්‍රතිලාභය පාරිභෝගිකයින්ට ලබා දීමට හැකි වන පරිදි මිල නියම කිරීමේ යාන්ත්‍රණයක් අප විසින් අනුගමනය කර ඇත. එමෙන්ම මිල ඉහළ ගිය විට, එහි සම්පුර්ණ පිරිවැය පාරිභෝගිකයාට සම්පුර්ණයෙන්ම නොලැබෙන ලෙස සහනාධාර ලබා දෙන්නෙමු.

රාජ්‍ය ආදායමට දක්වන මුල්‍ය දායකත්වයෙන් ඔබ්බට යමින් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම LP ගෑස් වෙළෙඳපොලේ මිල ස්ථායීතාවය සහතික කිරීමට කැපවී සිටින අතර, මෙම පිරිසිදු හා කාර්යක්ෂම බලශක්ති ප්‍රභවය දේශීය පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් භාවිතා කිරීම තහවුරු කරයි. ස්ථාවර මිල, පාරිභෝගිකයින් තම ඉවුම් පිහුම් අවශ්‍යතා සඳහා LP ගෑස් භාවිතා කිරීමට දිරිමත් කරයි. එමඟින් පාරිසරික තිරසාරභාවය ප්‍රවර්ධනය කරමින් ලංකාව සම්ප්‍රදායික ඉන්ධන මත යැපීම අඩු කරයි.

වසර ගණනාවක් පුරා, ලිට්‍රෝ ගෑස් සමාගම බලශක්ති ක්ෂේත්‍රය තුළ විශ්වාසය, දිගු කල් පැවැත්ම සහ ගුණාත්මකභාවය සඳහා කීර්තිනාමයක් ගොඩනගාගෙන ඇත. සමාගමේ පුළුල් බෙදාහැරීමේ ජාලය සහ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් වැඩ පිළිවෙල ශ්‍රී ලංකාවේ LP ගෑස් ආශ්‍රිත අවශ්‍යතා සඳහා එය වඩාත් කැමති තේරීම බවට පත් කර ඇත. නවෝත්පාදන සහ නිරන්තර දියුණුකිරීම් සඳහා ලිට්‍රෝ හි කැපවීම, දිනෙන් දින වැඩි දියුණු වන ජාතික බලශක්ති අවශ්‍යතා සපුරාලමින් ගෑස් ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයේ රැඳී සිටීම සහතික කරයි.

Views: 47