එක්ස්පෝ ලංකා වෙතින් කොටසකට රුපියල් 3.48 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී (EXPO.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 3.48ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2024මාර්තු 31වැනිදායින් අවසන්වීමට නියමිත මීළග මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීමද වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අගෝස්තු 18 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූලි 28 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නැතැයිද එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 138.25ක් ලෙස සටහන්ව තිබුණි. මෙය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 141.75 හා සැසඳීමේදී රුපියල් 3.50ක් එනම් 2.47%ක පහත වැටීමකි.

එසේම ගනුදෙනු අවස්ථා 1002 කදී එක්පෝලංකා හෝල්ඩිංග්ස් කොටස් 429,530ක් ගනුදෙනු වී තිබූ අතර, එහි සමස්ත පිරිවැටුම රුපියල් 59‍්,757,268.00ක් ලෙස සටහන්ව තිබුණි.

එක්ස්පෝ ලංකා පීඑල්සී සමාගම අවසන් වරට සිය කොටස් හිමිකරුවන්සඳහා ලාභෘංශ ගෙවිමක් සිදු කර තිබුණේ 2022 වසරේ ජූලිමාසයේදීය. එහිදී සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 8.19ක් බැගින් ගෙවීම සිදු විය.

Visits: 153