යුරෝපා සංගමයේ GSP+ සහනය තවත් වසර 4කට දීර්ඝ කෙරේ

යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා ලබාදී ඇති GSP+ තීරු බදු සහනය තවත් වසර 4කින් දීර්ඝ කිරීමට පියවර ගත් බව එම සංගමය පවසයි.

මෙම සහනය 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට කල්පිරිමට නියමිතව තිබුණි. ඒ අනුව 2027 දෙසැම්බර් 31 වැනිදා දක්වා මෙම GSP+ සහනය මෙරටට හිමිව තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති යුරෝපා සංගමය එම කලාපයේ විශාලතම වෙළෙඳ පොළ හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තවදුරටත් යුරෝපියානු වෙළෙඳ පොළ වෙත ප්‍රවේශවීමේ අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව පවසා තිබේ.

ශ්‍රී ලංකාව 2022 වසරේදී පමණක් යුරෝපා සංගමයේ රාජයයන් වෙත යුරෝ බිලියන 3.2ක වටිනාකමින් යුත් භාණ්ඩ අපනයනය කිරිමට සමත්ව තිබේ.

Views: 54