Dipped Products PLC හි නවතම තාක්ෂණික ක‍්‍රීඩා අත්වැසුම් නිපදවන කර්මාන්තශාලාව මෙහෙයුම් අරඹයි

හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත Dipped Products PLC, තිරසාර සහ ගුණාත්මක අත්වැසුම් නිෂ්පාදනයේ ගෝලීය පුරෝගාමියෙකු ලෙස කටයුතු කරයි. DPL ආයතනය බියගම ආයෝජන කලාපය තුළ අභිනවයෙන් ඉදිකරන ලද අති නවීන කී‍්‍රඩා අත්වැසුම් නිෂ්පාදන කර්මාන්තශාලාව පසුගියදා සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදි.

DPL ආයතනය සතු දිගුකාලීන අත්වැසුම් නිපදවීමේ විද්‍යාත්මක හා තාක්ෂණික විශේෂඥතාව උපයෝගී කරගනිමින්, 2023 වසරේ දී ඔවුන්ගේ නවතම නිෂ්පාදනය වන කී‍්‍රඩා අත්වැසුම් නිෂ්පාදනය සඳහා රුපියල් බිලියන 1.3 ආයෝජන පිරිවැයකින් යුතු කර්මාන්තශාලාවක් ආරම්භ කරන ලදි. මෙමගින් කී‍්‍රඩකයින් සඳහා උපරිම ආරක්ෂාවක්, කී‍්‍රඩා සඳහා උපරිම කි‍්‍රයාකාරිත්වයක් සමඟ වඩාත් සුවපහසුවක් කී‍්‍රඩකයින් සඳහා ලබාදීම DPL ආයතනයේ ඒකායන අරමුණයි.

සමාරම්භක උළෙලට සහභාගී වූ DPL කළමණාකාර අධ්‍යක්ෂක, පුෂ්පික ජනධීර මහතා පවසා සිටියේ DPL හි කී‍්‍රඩා අත්වැසුම් නිෂ්පාදනය විධිමත් සහ කාර්යක්ෂම මට්ටමින් ආරම්භ කිරීම ගැන සතුටු වන බවත්, 2027 වන විට මෙම නව නිෂ්පාදන පෙළ ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක විදේශීය ආදායමක් රට තුළට ලබාගැනීමට දායකත්වය සපයන බවට අපේක්ෂා කරන බවත්ය. එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ශී‍්‍ර ලංකාව තුළ පවතින උසස් ඇඟලූම් නිෂ්පාදන තාක්ෂණය සමඟ DPL හි කාර්මික අත්වැසුම් නිෂ්පාදන හැකියාව ඒකාබද්ධ කිරීම මගින් උසස් තත්වයේ අත්වැසුම් නිෂ්පාදනය කිරීමට හැකි වන බවත්ය.

DPL නව අත්වැසුම් නිෂ්පාදනාගාරය තුළ කී‍්‍රඩා අත්වැසුම් වර්ග 10කට ආසන්න ප‍්‍රමාණයන් නිෂ්පාදනය කරන අතර එම නිෂ්පාදන පෙළ තුළ බයිසිකල් පැදීම, මවුන්ටන් බයිසිකල් පැදීම, ගොල්ෆ්, බේස්බෝල්, පාපන්දු, අශ්වාරෝහක, ශීත ක‍්‍රීඩා, බර ඉසිලීම ඇතුළු කී‍්‍රඩා සඳහා අවශ්‍ය අත්වැසුම් ඇතුලත් වෙයි.

මෙහි මුලික කි‍්‍රයාවලියට තිරසාරත්වය සම්බන්ධ කරමින්, DPL විසින් එහි අමුද්‍රව්‍යවලින් 60%ක් දක්වා දේශීයව ලබා ගැනීමට පියවර ගෙන ඇත. එම අමුද්‍රව්‍ය අතර PET බෝතල්වලින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද නූල් සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි/ජෛව හායනය කළ හැකි ඇසුරුම් මූලිකත්වයක් ගනියි.

DPL කී‍්‍රඩා අත්වැසුම් නිෂ්පාදනාගාරය Platinum LEED සහතිකයට අනුකූල වෙයි. තවද USGBC විසින් වැඩි දියුණු කරන ලද, ගෝලීය පිළිගැනීමක් ඇති මෙම සහතිකය පාරිසරික සහ මානව සෞඛ්‍ය කාර්යසාධනය සඳහා සැලසුම් කරන ලද, ඉදිකරන ලද, නඩත්තු කරන සහ ක‍්‍රියාත්මක කරන ගොඩනැගිලි සඳහා වූ ගෝලීය වශයෙන් පිළිගත් සහතිකයකි. මිනිසුන් සහ මිහිතලයෙහි තිරසාර පැවැත්ම, පරිසර දුෂණය අවම කිරීම, කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ විමෝචනය අඩු කිරීම මෙන්ම මිනිසුන් සඳහා සෞඛ්‍ය සම්පන්න ස්ථාන නිර්මාණය කිරීම යන සංකල්ප කෙරෙහි ප‍්‍රධාන වශයෙන් මෙහි අවධානය යොමු කෙරයි.

ඒ අනුව, DPL විසින් අපද්‍රව්‍ය කළමනාකරණය, ද්‍රව්‍ය, සෞඛ්‍ය සහ ගෘහස්ථ පාරිසරික තත්වයට අමතරව, ජල පිරිපහදු කිරීම, ප‍්‍රතිචක‍්‍රීයකරණය මෙන්ම වැසි ජලය රැස්කිරීමේ පහසුකම් ස්ථාපිත කිරීම ඇතුළුව බලශක්ති සහ ජල පරිභෝජනය මූලික තිරසාර ප‍්‍රමිතීන් පරිපූර්ණ ලෙස වැඩිදියුණු කිරීම සඳහා ආයෝජනය කරනු ඇත.

මෙම කර්මාන්තශාලාව සැලකිය යුතු සූර්ය බලශක්ති උත්පාදන හැකියාවන්ගෙන් සමන්විත වන අතර, වර්ග අඩි 17,000 ක පරාසයක් උපයෝගී කරගනිමින් කිලෝවොට් 325 ක් පමණ බලශක්ති උත්පානය කරයි. එය කර්මාන්තශාලාවේ මුළු බලශක්ති අවශ්‍යතාවයෙන් 110% ට ආසන්න වශයෙන් සමාන වේ.

1976 දී ආරම්භ කරන ලද Dipped Products ආයතනය යනු ලොව ප‍්‍රමුඛතම රබර් අත්වැසුම් නිෂ්පාදකයන්ගෙන් එකක් වන අතර ගෝලීය වෙළඳපොලෙන් 5% පමණ කොටසකට හිමිකම් කියයි. මෙම ආයතනය විශාල නිෂ්පාදන ධාරිතාවක් ඇති ශ‍්‍රී ලංකාවේ විශාලතම ගෘහස්ථ අත්වැසුම් නිෂ්පාදකයා වන අතර එහි නිෂ්පාදන රටවල් 70 ක් පුරා බෙදාහරියි.

Visits: 315