Almas Equities ලාභාංශ කැලැන්ඩරයක් සහිත ඇප් වැඩසටහනක් හඳුන්වා දෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි කොටස් තැරැව්කාර සමාගමක් වන Almas Equities සමාගම ලැයිස්තුගත සමාගම්හි ලාභාංශ ගෙවීම් සිදුකරන දින ඇතුලත් කැලැන්ඩරයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි පවසයි.

මෙය ජංගම දුරකතන ඇප් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන අතර ඇපල් ස්ටෝර් හෝ ගූගල් ප්ලේ හරහා ඇපල් අයිඕඑස් උපාංග වෙත සහ ඇන්ඩ්‍රොයිඩ් උපාංග වෙත ඩවුන්ලෝඩ් කරගත හැකිය.

මෙම දින දර්ශනය මගින් ආයෝජන සැලසුම් කිරීම මෙන්ම වඩාත් දැනුවත් තීරණ ලබා ගැනීමේ හැකියාව ආයෝජකයන්ට හිමිවන බව Almas Equities සමාගම පවසයි.

මෙම ඇප් වැඩසටහන bit.ly/Almas-DividendCalendar… වෙත ගොස් ඩවුන්ලෝඩ් කරගත හැකිය.

Almas Equities සමාගම මීට පෙර Assetline Securities (Pvt) Ltd ලෙසින් හැඳින්වුණු අතර, අල්මාස් කැපිටල් (පෞද්) සමාගම මගින් එය අත්පත් කරගැනීමත් සමගින්ම Almas Equities ලෙස නම් වෙනස් කෙරිණි.

Visits: 174