ලින්ක් නැචුරල් වෙතින් මස්පිඬු පෙරළීම් වැළැක්වීමට නවතම ශාකෞෂධීය නිෂ්පාදනයක් හඳුන්වාදෙයි

ලින්ක් නැචුරල් සමාගම විසින් මස්පිඬු පෙරළීම් වැළැක්වීමට සහ ඒ ආශ්‍රිත දැඩි පීඩාකාරී වේදනාවන්ට ඉක්මන් සහනයක් ගෙන දෙන අද්විතීය ශාකෞෂධීය ගුණයෙන් යුත් සිය නවතම නිෂ්පාදනය වන ක්‍රෑම්ප්ගාඩ් ප්ලස් ආලේපනය පසුගියදා හඳුන්වාදෙන ලදී.

මෙය වසර 04 ක් පුරා සිදු කරන ලද පුළුල් පර්යේෂණ පදනම් කරගනිමින් නිෂ්පාදනය කරන ලද මස්පිඬු පෙරළීම් වැළැක්වීම සඳහා අසමසම ශාකෞෂධීය නිපැයුමක් බව සමාගම පවසයි.

විශේෂයෙන්ම නවීන විද්‍යාව සමග ආයුර්වේදීය දැනුම මුසුකරමින් නව නිෂ්පාදන වැඩි දියුණු කරන ලින්ක් නැචුරල් සතු ප්‍රවීණත්වයේ තවත් එක් සාර්ථක ප්‍රතිඵලයක් ලෙසද මෙය ඉදිරිපත් කර තිබේ.

මෙම නව නිපැයුම, ලින්ක් නැචුරල් සමාගම සතු වේදනාවන්ට සහනය දෙන ශාකෞෂධීය නිෂ්පාදන පෙළ තවදුරටත් ශක්තිමත් කරන බවද සමාගම සඳහන් කරයි. දැනටමත් ලින්ක් නැචුරල් මසල්ගාඩ්; සමහන් SP බාම් ලෙස නිෂ්පාදන දෙකක් වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

මේ අතරින් ලින්ක් නැචුරල් මසල්ගාඩ් මාංශ පේශී සහ සන්ධිගත වේදනාවලට ඉක්මන් සහනය ලබා දෙන, මාංශ පේශී පෝෂණය කර ශක්තිමත් කිරීම සඳහා පිළියමකි. එසේම සමහන් SP බාම් දිනපතා ඇතිවන කැක්කුම් සහ වේදනාවන්ට ආරක්ෂිත, ඉක්මන් හා ප්‍රත්‍යක්ෂ සහනයක් ලබා දෙන අතර ඔසප් වේදනාවන් සමනය කිරීමට ද ප්‍රයෝජනවත් වේ.

ක්‍රෑම්ප්ගාඩ් ප්ලස් හඳුන්වාදීම හරහා මස්පිඬු පෙරළීමේ වේදනාවෙන් ශාරීරිකව පීඩා විඳින පුද්ගලයින් හට සුවපහසු දිවියක් අත් කර දෙමින් ආයුර්වේද ක්ෂේත්‍රය පිළිබඳ සිය දැනුම සහ ප්‍රවීණත්වය තවත් ඉහළින්ම විදහා දැක්වීමට සමාගම පියවර ගෙන ඇත.

ක්‍රෑම්ප්ගාඩ් ප්ලස්, සඳහා ආයුර්වේදයේ ප්‍රත්‍යක්ෂ ප්‍රබල ශාකෞෂධීය අමුද්‍රව්‍ය යොදා ගැනීම හේතුවෙන් මස්පිඬු පෙරළීම් වැළැක්වීමට සහ ඊට ඉක්මන් සහනයක් ලබා දීමට හැකිය. ප්‍රතිප්‍රදාහක (Anti-inflammatory), ප්‍රතිභ්‍රාස්‍යය (Anti-spasmodic), මාංශ පේශීවල තෙහෙට්ටුව මඟ හරවන (Anti-fatigue), ප්‍රතිඔක්සිකාරක (Antioxidant), වේදනා නාශක (Analgesic), සහ ස්නායු ආරක්ශක (Neuroprotective) යන ගුණයන්ගෙන් සමන්විත ක්‍රෑම්ප්ගාඩ් ප්ලස්; නිවසේ, ව්‍යායාම මධ්‍යස්ථානයේ, ක්‍රීඩා කටයුතු වලදී හෝ ගමන් බිමන් වලදී ඔබගේ ප්‍රථමාධාර ආම්පන්න අතරට එකතු කර ගත හැකි ප්‍රයෝජනවත් ආලේපනයක් වනු ඇත. එය භාවිත කිරීම මගින් මස්පිඬු පෙරළීමට මුහුණ දෙන පුද්ගලයින්ට වඩාත් සුව පහසු දිවියක් ගත කිරීමට ඉඩ සලසා දෙනු ලබයි.

එම සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය සමන්ත තෙන්නකෝන් මහතා මෙම නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින්, ”මස්පිඬු පෙරළීම් නිසා ඇතිවන දැඩි වේදනාව හේතුවෙන් ශාරීරිකව කරනු ලබන ක්‍රියාකාරකම් සීමා වෙනවා. ඒ වගේම නින්දට ද බාධා ඇති වෙනවා. ඒ සඳහා අපගේ නව නිෂ්පාදනය වන ක්‍රෑම්ප්ගාඩ් ප්ලස් ඊට හොඳම විසඳුමක් ගෙන දෙමින් මස්පිඬු පෙරළීම් සමනය කිරීමට පමණක් නොව මස්පිඬු පෙරළීමේ වේදනාව වැළැක්වීමට ද භාවිත කළ හැකි ආලේපනයක් ලෙස හඳුන්වා දිය හැකිය. ක්‍රෑම්ප්ගාඩ් ප්ලස් දිනපතා භාවිත කිරීමට සුදුසු ආරක්ෂිත ආලේපනයක් වන අතර, මස්පිඬු පෙරලීම් ඇතුළු ආබාධවලින් පීඩා විඳින ජනතාව හට නීරෝගී සුව පහසු දිවි ගමනක් පවත්වා ගැනීම සඳහා මෙය ප්‍රයෝජනවත් වේ.” යනුවෙන් පවසා සිටියි.

Visits: 39