මහ බැංකුවේ මීළග මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සතියකින් ඉදිරියට

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මගින් ගනු ලබන ආසන්නතම තීරණ ප්‍රකාශයට පත් කෙරෙන මීළග මුදල් ප්‍රතිපත්ති විවරණය ලබන ජූලි 06 වැනිදා සිදු කරන බව මහ බැංකුව පවසයි.

මෙය 2023 වසර සඳහා සිදු කරන 05 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ලෙසින්ද සැලකෙයි.

පසුගිය ජූනි 01 අවසන්වරට පැවැති 04වැනි මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මුදල් මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයකට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීමට පියවර ගත්තේය.

ඒ අනුව මහ බැංකුවෙහි නිත්‍යු තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 13%ක් සහ 14%ක් දක්වා පදනම් අංක 250කින් පහත හෙළීමට තීරණය කෙරිණි.

එම අවස්ථාවේදී ප්‍රකාශයට පත් කෙරුණූ ආකාරයට මීළග මුදල් ප්‍රතිපත්ති විවරණය ලබන ජූලි 13 වැනිදා ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබුණද, මහ බැංකුව ගනු ලැබූ තීරණයකට අනුව එය මෙලෙස සතියකින් ඉදිරියට ගෙන ජූලි 06 වැනි බ්‍රහස්පතින්දා සිදු කරන බව ප්‍රකාශ කර තිබේ.

Visits: 90