හේමාස් හෝල්ඩිංග්ස් වෙතින් රුපියල් 1.95 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී (HHL.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.95ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2023 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙස සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූලි 24 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස ජූලි 04 වැනිදා නම් කෙරී ඇත.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව ඇතැයිද හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

එම සමාගම මෙම මූල්‍ය වර්ෂය සඳහා පළමු අතරමැදි ලාභාංශ ලෙස ලබා දුන්නේ ශත 40ක මුදලකි. එය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කොටස් හිමිකරුවන් වෙතලබාදීම සිදුවිය.

ඊයේ දිනයේදී කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 61.50ක් ලෙස සටහන්ව තිබුණි.

Visits: 62