ලාෆ්ස් ගෑස් අද මධ්‍යම රාත්‍රියේ රුපියල් 200කින් ඉහළට

ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (06) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 200 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇතැයි එම සමාගම පවසයි.

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් මෙම මිල ඉහළ දැමීම කළ බව ලාෆ් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

ඒ අනුව මෙම මිල ඉහළ දැමීමත් සමඟ කිලෝ 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,280 ක් බවට පත්වූ බව එම සමාගම සඳහන් මෙහිදී කර තිබේ.

මේ අතර ලාෆ් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 80 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 2,112ක් ලෙස සටහන් වනු ඇත.

එසේම කිලෝග්‍රෑම් 2 ගෑස් සිලින්ඩරයක් රුපියල් 32 කින් ඉහළ දැමීමත් සමඟ එම සිලින්ඩරය රුපියල් 845 ක් දක්වාද ඉහළ යාමට නියමිතව තිබේ.

Visits: 32