කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ‘හොඳම තිරසාර ව්‍යාපෘති’ කාණ්ඩය යටතේ සම්මානයට

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථාන (MRFs): සඳහා ‘Best Corporate Citizen Awards 2022’ සම්මාන උළෙලේ දී ‘හොඳම තිරසාර ව්‍යාපෘති’ කාණ්ඩය යටතේ පසුගියදා සම්මානයට පාත්‍ර වී තිබේ.

‘ශ්‍රී ලංකාවේ විප්ලවීය කසළ කළමනාකරණය’ සහ ‘මොණරාගල දිස්ත්‍රික්කයේ කාන්තාවන් සඳහා කෘෂිකර්මාන්තය සහ ජීවනෝපාය සඳහා ජලය සඳහා ප්‍රවේශය’ (WALK) ව්‍යාපෘති මෙසේ සම්මානයට පාත්‍ර විය.

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල ආයතනයන් සිය ආයතනික ඉලක්ක හඹා යන අතරම පාරිසරික, සමාජීය සහ ආර්ථික තිරසාරත්වයට වෙනුවෙන් අදාළ ආයතනවල හොඳම භාවිතයන් ඇගයීමට ලක් කෙරේ.

අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානය (MRFs) යනු ප්‍රථම වරට පිළිගත් සුවිශේෂී මුලපිරීමකි. එය රටේ ප්‍රථම විස්තීර්ණ MRF ස්ථාපිත කරන ලද කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම (CCBSL) සඳහා ඉතා වටිනා ව්‍යාපෘතියකි; ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් ප්‍රධාන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළු සඳහා මූලික විසඳුමක් සපයන ප්‍රජා කේන්ද්‍රීය, අනුවර්තනය කළ හැකි සහ තිරසාර ආකෘතියක් ලෙස MRF හැඳින්විය හැකිය.

CCBSL හි මහජන සම්බන්ධතා, සන්නිවේදන සහ තිරසාර (PACS) අධ්‍යක්ෂ – තමරි සේනානායක මහත්මිය “අපගේ MRF ව්‍යාපෘතියේ පවතින වටිනාකම මෙම සම්මානයෙන් හඳුනා ගන්නවා, අපද්‍රව්‍ය රැස් කිරීම ශ්‍රී ලංකාවට සැලකිය යුතු ප්‍රශ්නයක් වී ඇති අතර, උත්පාදනය කරන ලද අපද්‍රව්‍ය ප්‍රමාණය සහ වගකීමෙන් යුතුව එකතු කර බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අතර විශාල පරතරයක් පවතිනවා. CCBSL විසින් MRF සඳහා අපද්‍රව්‍ය එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසීමේ යටිතල පහසුකම් සපයා තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපගේ ප්‍රතිචක්‍රීකරණ හවුල්කරු වන Eco Spindles Pvt Ltd, අපට මහත් සහයෝගයක් ලබා දී ඇති අතර MRF විසින් එකතු කරන ලද PET අපද්‍රව්‍යවලින් කොසු, බුරුසු, රෙදි වැනි ඇතුළු අගය එකතු කළ භාණ්ඩ නිෂ්පාදනය කරනවා” යනුවෙන් සිය අදහස් දැක්වූවාය.

Visits: 29