Luminex PLC ඕමානය තුළ රු. මිලියන 100ක් ආයෝජනය කිරීමේ සූදානමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Luminex PLC සමාගම ඉදිරියේදී ඕමානය තුළ සිය පරිපාලිත සමාගමක් පිහිටුවීම සඳහා සූදානමින් සිටින බව පවසයි.

එරට තුළ දුරකතන සන්නිවේදන යටිතලපහසුකම් ඉංජිනේරුමය ව්‍යාපාරික මෙහෙයුම් සම්බන්ධ සමාගමක් ලෙස මෙය පිහිටුවීමට යෝජනා වී තිබේ.

එම සමාගම මගින් පසුගිය බ්‍රහස්පතින්දා (24දා) කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කළ ලිපියක් මගින් මෙම කරුණු අනාවරණය කර තිබේ.

එදින (24දා) රැස්වුණු එම සමාගමෙහි ආසන්නතම අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම ආයෝජනය සඳහා වන ඒකමතික අනුමැතිය ලබාදීමක් සිදු වුණු බවත් එහි සටහන්ව ඇත.

මෙහිදී Luminex PLC සමාගම ඕමානය තුළ සිදු කරන ආයෝජනයේ වටිනාකම රුපියල් මිලියන 100ක් (100,000,000ක්) ලෙස සටහන්ව තිබේ.

මේ හරහා එම අලුතින් පිහිටුවෙන සමාගමෙහි ‍70%ක බහුතර කොටස් හිමිකාරීත්වයක් සමාගම වෙත ලැබෙන බවත්, එසේම ඉදිරි මාස 12ක කාලයේදී එම ආයෝජනය සම්පූර්ණ කිරීමත් සැලසුම බවත් Luminex PLC සමාගම සඳහන් කරයි.

Visits: 170