hSenid Biz බංග්ලාදේශය තුළ hSenid Business Solutions (Bangladesh) Pvt Ltd. පිහිටුවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මානව සම්පත් මෘදුකාංග පද්ධති සංවර්ධන සමාගමක් වන hSenid Business Solutions PLC ((HBS.N0000) සමාගම බංග්ලාදේශය තුළ සිය පරිපාලිත සමාගමක් පසුගියදා ස්ථාපිත කළ බව පවසයි.

පෙරේදා දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් යවමින් එම සමාගම මේ පිළිබඳව සඳහන් කර සිටියි.

ඒ අනුව hSenid Business Solutions (Bangladesh) පෞද් සමාගම ලෙස එම සමාගම ස්ථාපිත කෙරී තිබේ. මෙහිදී hSenid Business Solutions PLC සමාගමෙහි 100%ක පූර්ණ හිමිකාරීත්වය සහිත hSenid Software Singapore Pte Ltd සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් ලෙස එම සමාගම පිහිටුවීම සිදුව තිබේ.

hSenid Business Solutions PLC සමාගමේ ව්‍යපාරික මෙහෙයුම් සැකැස්ම අනුව මේ දක්වා සිංගප්පූරුවට අමතරව ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව වෙත එම සමාගම සිය ව්‍යාපාර ව්‍යාප්ත කිරිමට සමත්ව සිටියි.

ඒ අතරින් ඉන්දියානු සමාගම hSenid Business Solutions PLC හි 100%හිමිකාරීත්වයක් සහිත hSenid Business Solutions (India) Pvt Ltd ලෙස හැඳින්වෙයි. ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත කර ඇති සමාගම PeoplesHR Australia Pty Ltd. ලෙස හැඳින්වෙයි. එය ස්ථාපිත කර ඇත්තේද hSenid Software Singapore Pte Ltd යටතේය.

මීට පෙර hSenid Business Solutions PLC සමාගම බංග්ලාදේශය තුළ hSenid Mobile Solutions (Bangladesh) Pvt. Ltd නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සිදුවිය.

Visits: 132