ලෝක දෑත් සේදීමේ දිනයේදී ලයිෆ්බෝයි සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය එකට එක්වෙයි

යුනිලීවර් ශ්‍රී ලංකා හි ප්‍රමුඛතම සනීපාරක්‍ෂක සබන් සන්නාමය වන ලයිෆ්බෝයි විසින් ප්‍රජාවන් අතර දිගු කාලීන සනීපාරක්‍ෂක චර්යාවන් ඇති කිරීමේ සිය අඛණ්ඩ ප්‍රයත්නයේ තවත් එක් පියවරක් පසුගියදා සනිටුහන් කරන ලද බව පවසයි.

ඒ අනුව ලෝක දෑත් සේදීමේ දිනයට සමගාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සමඟ අත්වැල් බැඳගනිමින්, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේදී පැවැත්වුණු 13 වන ජාතික කබෝරියට(Cuboree) සහභාගී වූ දරුවන්ට දෑත් සේදිමෙහි ඇති වටිනාකම අවධාරණය කර දීම මෙම අවස්ථාවේදී සිදුවිය.

මෙම ජාතික කබෝරියටසහභාගී වූ දරුවන් 12,000කට අධික ප්‍රමාණයකට විවිධ ක්‍රියාකාරකම් මගින් නිවැරදිව දෑත් නොසේදිමෙන් සිදුවිය හැකි බලපෑම පිළිබඳව දැනුවත් කිරීම සහ දෑත් සේදීමේ පහසු පියවර හඳුන්වා දීම මෙහිදී සිදුවිය. මෙම මුලපිරීම මගින් දරුවන් තුල පවත්නා ස්වභාවික නායකත්ව හැකියාවන් උපයෝගී කරගනිමින්,  තමන් ඉගෙනගත් දෑත් සේදීමේ පියවරයන් තවත් 5 දෙනෙකු සමඟ බෙදාගැනීමට ඔවුන්ව දිරිමත් කරන ලදී.

මෙම වටිනා පණිවිඩය තවදුරටත් ඉදිරියට ගෙනයාම උදෙසා දරුවන්ව දෑත් සේදීමේ ප්‍රධාන අධ්‍යාපන නිලධාරීන් (Chief Education Officers) ලෙස කටයුතු කිරීමට දිරිගැන්වීමද මෙහිදී සිදු විය. තවද ලංකාව පුරා පවතින පාසල් වලින් තෝරාගත් පාසල් 9ක් සඳහා, තම පාසල් පරිශ්‍රය තුළ දෑත් සේදීමේ මධ්‍යස්ථාන පිහිටුවා ගැනීම උදෙසා  රුපියල් 100,000ක මුදලක් ලබා දීමද ඉදිරියේදී දෑත් සේදීමේ ප්‍රධාන අධ්‍යාපන නිලධාරීන්ගේ නායකත්වයෙන් යුතුව සිදු කිරීමට නියමිතය. ලයිෆ්බෝයි විසින් දරුවන් සඳහා සබන් කැට සහ කබෝරි (Cuboree) අත්පොත් පිරිනැමීම සිදු කල අතර තෝරාගත් පාසල් සඳහා ප්‍රමාණවත් තරමින් ලයිෆ්බෝයි දෑත් සේදීමේ සබන් දියර (Hand Wash) ලබා දීමද සිදු කෙරුණි.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් යුනිලීවර් ශ්‍රී ලංකා හි අලෙවි අධ්‍යක්ෂිකා – (පුද්ගලික සත්කාර සහ රූපලාවන්‍ය සහ යහපැවැත්ම), නිලූෂි ජයතිලක මහත්මිය මෙසේ පැවසීය “මෙවර ලෝක දෑත් සේදීමේ දිනයට සමගාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සමඟ අත්වැල් බැඳගනිමින්, දෑත් සේදීමේ වටිනාකම අපගේ අනාගත පරපුර සමඟ බෙදා ගැනීමට අවස්ථාව උදාවීම අපට ඉතා ගෞරවයට කරුණක්. ශ්‍රී ලංකාව තුල දශකයකට වඩා වැඩි කාලයක් පුරාවට දෑත් සේදීමේ වටිනාකම කියාපාන සන්නාමයක් වශයෙන්ලයිෆ්බෝයි අපි, තවදුරටත් එම කර්තව්‍ය ඉදිරියට ගෙනයමින් දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනයේ මුල් අවධියේදීම මූලික සෞඛ්‍ය පුරුදු ඉගැන්වීම සහතික කිරීමට බැදී සිටිනවා”.

Visits: 28