ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු සුපුරුදු පරිදි

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු අද දිනයේදී සුපුරුදු පරිදි සිදුවන බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ සිදු වුණු පරිගණක පද්ධති බිඳවැටීමක් හේතුවෙන් අද දිනයේදී එහි කටයුතු අඩාල වන බවට නිවේදනය කෙරී තිබුණි.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේදී එම බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබුණු බවත්, ඒ අනුව අද දිනයේ සිය සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම බිඳවැටීම හේතුවෙන් අද දිනය තුළදී සිය සේවාවන් ලබා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත නොපැමිණෙන ලෙසද එහි බලධාරීන් සඳහන් කර තිබුණි. එසේම එක් දින සේවාවන්ද ප්‍රමාද විය හැකි බව එහි පැවසුණි.

Visits: 37