Porsche ඇතුළු සුඛෝපභෝගී මෝටර් රථ 4000ක් සමගින් නෞකාවක් ගිනි ගනී

ජර්මනියේ සිට පෘතුගාලය දක්වා යාත්‍රා කරමින් තිබූ Porshe ඇතුළු ස්ඛෝපභෝගී මෝටර් රථ 1000ක් පැට වූ නෞකාවක් පෘතුගාලයට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්ව ඇතැයි වාර්තා වෙයි. පෘතුගාල වේලාවෙන් පසුගිය බදාදා මෙම ගිනි ගැනිම හට ගෙන ඇත. බ්‍රහස්පතින්දා දිනයේදී නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 22 දෙනෙකු නිරුපත්‍රිව බේරා ගැනීමට හැකියාව ලැබී තිබේ.

මෙම නෞකාව Felicity Ace නමින් හැඳන්වෙයි. එය පසුගිය පෙබරවාරි 10 වැනිදා මෙම මෝටර් රථද සමගින් ජර්මනියේ එම්ඩෙන් වරායෙන් පිටත්ව තිබේ. එය ලබන පෙබරවාරි 23 වැනිදා පෘතුගාලයේ ඩේවිස්විලි වරාය වෙත සේන්දු වීමට නියමිතව තිබුණි.

ඒ අනුව පෘතුගාලයේ අසෝරෙස්හි ටර්සෙයිරා දූපතට සැතපුම් 200කට ඔබ්බෙන් සාගරයේදී මෙලෙස නෞකාව ගිනි ගැනීමට ලක්ව තිබේ. ඒ අනුව පෘතුග්‍රීසි හමුදාව විසින් එහි කාර්ය මණ්ඩලය හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ගලවා ගෙන තිබේ.

මෙම නෞකාව අඩි 650ක් දිග ටොන් 60,000ක බරක් රැගෙන යා හැකි නෞකාවකි. අද දිනයේදීද මෙම ගිනි ගැනීම යම් තරමකින් පැවැති අතර, සිදුව ඇති හානිය කොපමණද යන්න පැහැදිලි නැතැයි නෞකාව අයත් ජපාන සමාගම පවසයි.

මේ අතර ජර්මනියේ වොක්ස්වැගන් සමාගම සඳහන් කරන ආකාරයට මෙම නෞකාව ගිනි ග්නාන අවස්ථාවේදී ඒ තුළ මෝටර් රථ 4000කට ආසන්න සංඛ්‍යාවක් තිබී ඇත. ඒ අතර බෙන්ට්ලීස් මාදිලියේ රථ 189ක්ද තිබී ඇත. එසේම Porsche මාදිලියේ රථද එහි තිබී ඇත.

Visits: 196