ICONIC Trust, LOLC සහ BIL සතු Agstar PLC ඡන්ද හිමි කොටස් ප්‍රතිශතය 76.44%ක් වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Agstar PLC සමාගමෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රතිශතයෙන් 76.44%ක් අත්පත් කරගැනීමට ICONIC Trust, LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී යන සමාගම් ත්‍රිත්වය කටයුතු යොදා ඇතැයි පවසයි.

අද දිනයේදී එම සමාගම් ලිපියක් මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත මේ බව දැනුම් දී සිටියි.

මෙහිදී පිළිවෙලින් ICONIC Trust (පෞද්) සමාගම සතුව Agstar PLC සමාගමෙහි ඡන්ද හිමි කොටස් අතරින් 43.68%ක ප්‍රතිශතයක් හිමිව තිබේ.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමට අයත් පරිපාලිත සමාගමක් වන ICONIC Trust (පෞද්) සමාගම මගින් පසුගිය ජනවාරි 05 වැනිදා මෙම කොටස් මිලදී ගැනීම සිදු කෙරිණි.

එහිදී Agstar PLC හි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් අතරින් කොටස් 134,325,603ක් (43.68%ක්) කොටසක් රුපියල් 8.00 බැගින් මිලදී ගැනීම සිදු විය.

එසේම එම අවස්ථාව වනවිටත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමෙහි මව් සමාගම වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව එම Agstar PLC සමාගමෙහි ඡන්ද හිමි කොටස් 60,213,500ක් පැවැති අතර එය 19.58%ක ප්‍රතිශතයකි. මීට අමතරව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ස් පීඑල්සී සතුවත් Agstar PLC සමාගමෙහි ඡන්ද හිමි කොටස් 40,520,061ක් හිමිව තිබී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 13.18%කි.

ඒ අනුව ICONIC TRUST (පෞද්) සමාගම ප්‍රධානවම එම සමාගම් තුන සතුව ඇති Agstar PLC සමාගමෙහි සමස්ත ඡන්ද හිමි කොටස් ප්‍රතිශත‍ය 76.44%ක් බව Agstar PLC සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී සිටියි.

මේ අතර ඉහත සඳහන් කළ පසුගිය ජනවාරි 05 වැනිදා සිදු වූ ගනුදෙනුවේදී ICONIC Trust (පෞද්) සමාගම මගින් Agstar PLC හි නිෂ්ඡන්ද කොටස් 66.66%ක ප්‍රතිශතයක්ද මිලදී ගත් බවත්, එහිදී නිෂ්ඡන්ද කොටසක වටිනාකම රුපියල් 4.00 බැගින් වූ බවත් මෙහිදී සඳහන් කර තිබේ.

Visits: 446