සාහිත්‍ය මාසය වෙනුවෙන් සදාහරිත සමූහ ව්‍යාපාරය ‘ග්‍රන්ථාකල්පන‘ නමින් වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරය මෙවර සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් රටේ ජනතාවගේ කියවීමේ රුචිය වර්ධනය කරමින් මනසට නිදහස ගෙන දෙන “ග්‍රන්ථාකල්පන” ෆේස් බුක් සමාජ මාධ්‍ය  ප්‍රවර්ධන වැඩසටහන දියත් කළ බව පවසයි.

සැප්තැම්බර් 01 වනදා සිට 31 වනදා දක්වා වූ මාසයක කාලය පුරා ෆේස් බුක් පරිහරණය කරන තරුණ වැඩිහිටි සියලු දෙනාටම  “ග්‍රන්ථාකල්පන” ප්‍රවර්ධන වැඩසටහන හා එක්ව තෑගි දිනා ගැනීමේ අවස්ථාව මෙහිදී උදා කර දී තිබුණේය. එහිදී තමන් කැමතිම නව කතාව සදාහරිත ෆේස් බුක් පිටුවේ සඳහන් කිරීම තුළින් තරඟයට ඇතුල් වීමේ අවස්ථාව පරිශීලකයන්ට හිමි විය.

කොවිඩ් 19 හේතුවෙන් පාසල් යන දරුවන්ගේ සිට බොහෝ දෙනා සැප්තැම්බර් මාසය පුරාම සිටියේ නිවෙස්වලටම වීය. වසර දෙකක් පුරා ශ්‍රී ලාංකික ජනතාව ද මෙම ගෝලීය සෞඛ්‍ය, ආර්ථික, සමාජ අර්බුදයෙන් පිඩාවට පත්ව සිටි. ගෝලීය අගාවුඩ් ව්‍යාපාරයේ දේශීය සලකුණ වශයෙන් සදාහරිත සමූහ ව්‍යාපාරය මෙම තත්ත්වය වඩාත් අවබෝධ කරගෙන සිටි. රටේ ආර්ථිකයට ශක්තිය සැපයීම මෙන්ම ආයතනික සමාජ වගකීම් කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන දේශීය සමාගමක් ලෙස රටේ ජනතාවගේ මානසික සුවය පිළිබඳව ද කැපවීමකින් කටයුතු කරයි. ඒ අනුව දරුවන්ගේ සිට වයස් භේදයකින් තොරව කියවීමේ රුචිය වර්ධනය කිරීම සදහා මෙම වැඩසටහන දියත් කෙරිණි.

සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතා මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් “වර්තමානය වන විට අපගේ තරුණ පරම්පරාව පමණක් නොවෙයි දරුවන් සහ වැඩිහිටියන් පවා විශාල ලෙස ඩිජිටල්කරණය වූ ලෝකයක සැරිසරමින් ඉන්නවා. ඔවුන් බොහෝ විට දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ඩිජිටල් තිර සමඟ. තාක්ෂණික ලෝකයේ අභියෝග ජය ගනිමින් අපි ඉදිරියට යායුතුව තිබෙනවා වගේම ශිෂ්ඨ සම්පන්න, විචාරශීලි, නිර්මාණාත්මක සහ මානවහිතවාදී ජිවිත අනාගතය උදෙසාත් බොහෝ පරිස්සමෙන් ආරක්ෂා කරගත යුතුව තිබෙනවා. ලෝකය වඩාත් යහපත් ස්ථානයක් වන්නේ එවිට පමණයි. ඒ අනුව අපගේ ආයතනික සමාජ වගකීම් හරහා මෙවැනි වැඩසටහන් ඉදිරියටත් දියත් කිරීමට බලාපොරොත්තු වනවා. මේ හරහා සාහිත්‍ය කෙරෙහි ඇල්මක් දක්වන විශාල පිරිසකගේ අවධානය අප වෙත යොමු වී තිබෙනවා. අපගේ ව්‍යාපාරය වටා එවැනි පිරිසක් ඒකරාශී වීම පිළිබඳව ම බෙහෙවින්ම සතුටට පත්වනවා.” යනුවෙන් පවසයි.

සදාහරිත සමුහ ව්‍යාපාරය මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා ශ්‍රී ලංකික ජනතාව බුද්ධිමත් ආයෝජන තීරණ ගැනීම සඳහා දැනුවත් කිරීමට සහ පෙළඹවීමටද බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාවට විදේශ විනිමය උල්පතක් බඳු අගාවුඩ් වන වගාව මෙරටට හදුන්වා දීමේ පුරෝගාමියා වන්නේ සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතාය. ඔහුගේ නායත්වය සහ අධීක්ෂණය යටතේ  සදාහරිත සමූහ ව්‍යාපාරය හරිත ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම දේශීය සමාගම සහ දශක දෙකක අත්දැකීම් සහිත ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස කටයුතු කරමින් ඇත. ඒ අනුව 2021 වසර මුල් භාගයේදී අයෝජකයින් වෙත විශ්වාසයේ ප්‍රතිලාභ හිමිකර දෙමින් මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් ද පිරිනැමිය.

Visits: 61