හේලීස් ලෙෂර් සමාගම රෝයල් සෙරමික්ස් සතුව තිබූ රු.මිලියන 247ක් වටිනා කොටස් අලෙවි කිරීමක

හේලීස් ලෙෂර් පීඑල්සී සමාගම විසින් රෝයල් සෙරමික්ස් පීඑල්සී සමාගම තුළ තමන් සතුව තිබූ කොටස් මිලියන 5.2ක් පසුගියදා අලෙවි කර ඇතැයි වාර්තා වෙයි.

මෙය හේලීස් ලෙෂර් පීඑල්සී සමාගම සතු රෝයල් සෙරමික්ස් පීඑල්සී සමාගමේ කොටස් ප්‍රතිශතයෙන් 0.47%ක් බව පැවසෙයි.

මෙහිදී කොටසක් රුපියල් 47.40ක් බැගින් අලෙවි කෙරී ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 247ක් පමණ වන බව පැවසෙයි.

මේ අතරින් වැඩිම කොටස් ප්‍රමාණය වන මිලියන 4.7ක් පසුගිය සිකුරාදා (ඔක්. 08) අලෙවි කිරීම සිදුව ඇත. ඉතිරි මිලියන 0.5 පසුගිය සඳුදා දිනයේදී අලෙවි කර තිබේ.

රෝයල් සෙරමික්ස් පීඑල්සී සමාගමෙහි වැඩිම කොටස් හිමිකාරීත්වයක් ඇත්තේ වැලිබල් වන්පීඑල්සී සමාගමටයි. මෙම හේලීස් ලෙෂර්, රෝයල් සෙරමික්ස් සහ වැලිබල් වන් යන ලැයිස්තුගත සමාගම් සියල්ලගේම පාලනය සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් වෙයි.

මෙතෙක් අමායා ලෙෂර් ලෙස හඳුන්වාදී තිබූ එම සමාගම මේ වසරේ ජුනි මාසයේ දී හේලීස් ලෙෂර් ලෙස නම් වෙනස් කෙරිණි.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන එන ඩේලිඑෆ්ටී පුවත්පත මෙම අලෙවි කිරීමත් සමගින්ම පසුගිය සඳුදා දිනයේදී රෝයල් සෙරමික්ස් පීඑල්සී කොටසක වටිනාකම ශත 40කින් එනම් 0.8%කින් ඉහළ නැග තිබේ. ඒ අනුව කොටසක වටිනාකම රුපියල්48ක් බවට පත්ව ඇත. එහෙත් ඊයේ දිනයේදී එය රුපියල් 47.90ක් දක්වා ශත 10කින් අඩුවී තිබේ.

මේ අතර පසුගිය සතියේදී රෝයල් සෙමික්ස් කොටස් මිලියන 21.6ක් ආයෝජකයන් අතර ගනුදෙනු වූ අතර එහිදී සිදුව ඇති ගනුදෙනු සංඛ්‍යාව 3,806 ක් සහ එහි වටිනාකම රුපියල් බිලියන 1ක් වූ බවත් පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම පසුගිය සතිය තුළදී රෝයල් සෙරමික්ස් පීඑල්සී කොටසක වටිනාකමද රුපියල් 2කින් ඉහළ ගොස් ඇත.

Visits: 1578