පවුලේ සියලු දෙනා එකට එක්වී රසවිඳිය හැකි සීනි රහිත, කැලරි රහිත නව Coke Zero එයි

ශ්‍රී ලංකාවේ කොකා-කෝලා සමාගම නවතම රසයකින් නිෂ්පාදනය කළ Coca-Cola Zero දැන් වෙළඳපොළට හඳුන්වාදී ඇතැයි පවසයි. ආකර්ෂණීය නව ඇසුරුමකින් යුත් නව Coca-Cola Zero, සමාගමේ  ක්ලැසික් කොකා-කෝලා (classic Coke) හා සමාන රසයක් සිය පාරිභෝගිකයින් වෙත පිරිනමයි. සීනි රහිත (zero sugar) සහ කැලරි නොමැති (zero calories) මෙම නව Coke Zero දැන් ශ්‍රී ලාංකිකයින්ට රස විඳීමේ හැකියාව ඇත.

Coca-Cola Zero බීම වර්ගය ගෝලීය වශයෙන් 2005 වසරේදී හඳුන්වාදෙන ලද අතර ක්ලැසික් කොකා-කෝලා (classic Coke) රසය හා සම වීම සඳහා එය 2017 වසරේදී යළි ප්‍ර‍තිනිර්මාණය  කරන ලදී. ලැයිස්තුගත අමුද්‍ර‍ව්‍ය සහ පෝෂණ තොරතුරු එළෙසින්ම පවත්වා ගනිමින්, කොකා-කෝලා  ලෝලීන්ට සමබර ජීවන රටාවක් ගෙවන අතරතුර තම ප්‍රියතම පානය රසවිඳීමට හැකියාව ලබාදෙමින් නව Coca-Cola Zero සංයෝජනය තවදුරටත් එහි පරතරයන් අවම කර  දී තිබේ.

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ මයන්ක් අරෝරා මහතා සිය අදහස් පළ කරමින් “Coke Zero මුළු මහත් ලෝකය පුරා මෙන්ම ශ්‍රී ලංකාවේත් ඉතා සාර්ථක වී තිබෙනවා. මින් වසර කිහිපයකට පෙර මුල් වරට Coke Zero ශ්‍රී ලංකාවට හඳුන්වාදීමෙන් පසු අපගේ පාරිභෝගිකයින්ගෙන් ලැබුණු ඉහළ ප්‍ර‍තිචාර සම්බන්ධයෙන් අපි ඉතාමත් සතුටට පත් වෙනවා. එදිනෙදා පරිභෝජනය කරන ආහාරපාන මගින් අනවශ්‍ය කැලරි ප්‍ර‍මාණයක් එක් නොකර, සමබර ජීවන රටාවක් සොයන යොවුන් පරපුරට මෙය ඉතාම යෝග්‍ය පානයක්. ඒ වගේම තමන්ගේ කාර්යබහුල ජීවන රටාවට ගැලපෙන, විවිධත්වයක් සොයන මිතුරන් හා පවුලේ සාමාජිකයින් සමග විනෝදයෙන් කාලය ගත කිරීමට ප්‍රිය කරන  තරුණ වැඩිහිටියන්ට ද මෙය හොඳින් ගැලපෙන පානයක්. මෙම නව Coke Zero හඳුන්වාදීමත් සමගින් අපි අපගේ පාරිභෝගිකයින්ට ක්ලැසික් කොකා-කෝලා (classic Coke) රසයට වඩාත් සමීප රසයකින් යුත් පානයක් ලබාදෙනවා.”  යනුවෙන් පැවසීය.

කොකා-කෝලා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ පන්කජ් සිං මහතා Coca-Cola Zero සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් පළ කළේය. “විවිධ වූ රසයන් ප්‍රිය කරන එමෙන්ම විවිධ වූ ජීවන රටාවන් ගත කරන ඕනෑම අයෙකුට ගැලපෙන   ආකාරයෙන් පුළුල් පරාසයක විහිදී ගිය බීම වර්ග පාරිභෝගිකයා වෙත පිරිනැමීම කොකා-කෝලා සමාගමේ අරමුණයි.  දිනෙන් දින වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා වඩා හොඳින් සපුරාලීම සඳහා නව්‍යකරණය වෙමින් සහ කැපී පෙනෙන වෙනස්කම් සිදු කරමින් අපි අපිටම අභියෝග කරගනිමින් සිටිනවා.  පාරිභෝගික වටපිටාව නිරන්තරයෙන්ම වෙනස් වෙමින් පවතින බැවින්  ඉදිරියෙන්ම සිටීමට නම් අපි වෙනස් විය යුතුයි. නව Coke Zero රසය සහ ප්‍ර‍තිනිර්මාණය කළ ඇසුරුම ලොව පුරා සිටින පාරි‍භෝගිකයින් විශාල පිරිසක් ඉතා ආදරයෙන් වැළඳගත් අතර මෙම බීම වර්ගය ලොව සෙසු රටවලට හඳුන්වාදීමෙන් පසු මාස කිහිපයක් ඇතුළත ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත රැගෙන ඒමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් අපි ඉතාමත් සතුටට පත් වෙනවා. අපගේ පාරිභෝගිකයින්ට සමබර ජීවන රටාවක් ගෙන යාමට නව Coca-Cola Zero අලුත් වෙනසක් ගෙන එන බව අපට විශ්වාසයි. ”

දිවයින පුරා සියලුම සුපිරි වෙළඳසල් සහ ප්‍ර‍මුඛපෙ‍ළේ සිල්ලර වෙළඳසල්වලින් දැන් මිලිලීටර් 400 බෝතල් ලෙසින් නව Coca-Cola Zero ලබාගත හැකිය.

Visits: 106