ජි.එස්.පී සහන ලබා ගැනීම සඳහා යුරෝපීය කොමිසමේ උපදෙස් මත මෙරට ධීවර පනත සංශෝධනයට

යුරෝපා කොමිසමට අයත් රටවලට සිදු කරන මත්ස්‍ය නිෂ්පාදන අපනයනයේදී පවතින නීතිමය ගැටලු කිහිපයක් හේතුවෙන් එම රටවල් මගින් ලබා දෙන GSP සහනය ලබා ගැනීමට පවතින බාධාවන් නිරාකරණය කිරීම වෙනුවෙන් ධීවර පනත සංශෝධනය ලක් කිරිමට පියවර ගෙන ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි.    

එහිදී එම රටවල නීති අංශ මගින් මේ පිළිබඳව ධීවර අමාත්‍යාංශය වෙත කරුණු පෙන්වා දී ඇති බවත්, ඒ අනුව යුරෝපා කොමිසමේ උපදෙස් මත මෙලෙස ධීවර පනත සංශේධනයට පියවර ගෙන ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙරට ධීවර පනත සෑහෙන කලක් පැරණි බැවින් ඒවා නව ජාත්‍යන්තර නීතිරීති වලට අනුව සංශෝධනය විය යුතු බව යුරෝපීය කොමිසමට අයත් රාජ්‍යයන් විසින් පෙන්වාදීම හේතුකොට ගෙන එම නව සංශෝධන ධීවර අමාත්‍යවරයාගේ උපදෙස් මත ධීවර අමාත්‍යාංශය විසින් සකස් කොට ඇතැයි පැවසෙයි.

එම සකස් කරන ලද ධීවර පනත පිළිබදව සාකච්ඡාවක් 2021.10.01 වන දින ධිවර අමාත්‍යාංශයේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙහිදී දැනට ක්‍රියාත්මක වන ධිවර පනත තුල අපේ ධිවරයින් මෙම නීති රීති උල්ලංගණය කල හොත් ඔවුන්ට ලැබෙන දඩුවම් ප්‍රමාණය පිළිබදව ඒවායේ ඇති අඩුපාඩු ගැනද සාකච්ඡා වී තිබේ. ඒ එනුව එම අඩු පාඩු සකස් කර නව සංශෝධන ඇතුලත් කර පනත හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මියට හා අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත හා අමාත්‍යාංශයේ නීති නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.

එසේම මෙය කඩ්නමින් තමන් වෙත ඉදිරිපත් කර යුරෝපීය කොමිසමේ රාජ්‍යයන් වෙතද යැවීමටද කටයුතු කරන ලෙද අමාත්‍යවරයා පවසා ඇත..

මේ අනුව මත්ස්‍ය අපනයනයේදී ජී.එස්.පී. සහන ලබා දීම පිළිබද යුරෝපීය කොමිසමේ  ඇතුළු අනෙකුත් රාජ්‍යයන් විසින් සහන දීර්ඝ කිරීම පිළිබදව සලකා බලනු ඇතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර සිටියි.

මෙම සාකච්ඡාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය,ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සහ අමාත්‍යාංශයේ නීති නිළධාරීන් ඇතුළ අදාළ නිලධාරීහු ද සහභාගි වී තිබේ.

Visits: 424