2023දී වැඩ අවසන් වන ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස්හි TRI-ZEN සමග සුඛෝපභෝගී නාගරික ජීවිතයක්

ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම කොළඹ 02 නගර මධ්‍යයේ ඉදිකරන TRI-ZEN ව්‍යාපෘතිය, මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍ර වී ඇති ව්‍යාපෘතියක් බව එම සමාගම පවසයි. පහසුකම්, මිලගණන්, වටාපිටාව ඇතුළුව සියලුම සාධක අතින් ගත්විට එය පදිංචිකරුවන්ට බෙහෙවින් වාසිදායක වන මහල් නිවාස ව්‍යාපෘතියකි.

නාගරික ප්‍රදේශයක පදිංචි වීමෙන් ලැබෙන ප්‍රධානතම වාසියක් වන්නේ,රටේ ප්‍රමුඛතම පාසල්, රෝහල්, සුපිරි අලෙවිසැල් සහ විනෝදාස්වාද ස්ථාන වෙත ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් ළඟා වීමට හැකිවීමයි. රාත්‍රී විනෝදාස්වාද ස්ථාන, ආපනශාලා මෙන්ම වෙනත් විනෝදාත්මක ස්ථාන ආදියද මෙලෙස ‘අතේ දුරින්’ පවතින පහසුකම් වලට අයත් ය.

උදාහරණයක් ලෙස යුනියන් පෙදෙසේ පිහිටා ඇති TRI-ZEN නිවාස වල සිට ගංගාරාම විහාරය, විහාරමහාදේවි උද්‍යානය, සහ බේරේ වැව යනාදී ස්ථාන වලට ඇත්තේ ඉතා කෙටි දුරකි. එමෙන්ම Park Street Mews සහ Colombo City Centre වැනි ස්ථානද විනාඩි කිහිපයක් තුළ ළඟා විය හැකි දුරකින් පිහිටා ඇත. කොළඹ ජාතික රෝහල සහ නවලෝක රෝහල ආදිය වෙත පා ගමනින් ළඟා විය හැකි අතර, ප්‍රධාන පෙළේ බැංකු සහ සුපිරි වෙළඳසැල්ද පිහිටා ඇත්තේ නුදුරිනි. දරුවන් සමග ඇවිදීමට යාමට, අවශ්‍ය වේලාවන්හිදී වෛද්‍යවරයෙකු හමුවීමට හෝ එදිනෙදා භාණ්ඩ පහසුවෙන් මිලදී ගැනීමට හැකිවන ස්ථානය පදිංචි වී සිටීම, කෙනෙකුගේ ජීවිතය කෙතරම් පහසු කරන්නේද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ.

කොළඹ නගරයේ මහල් නිවාස සංකීර්ණයක පදිංචි වීම මගින් ලැබෙන ප්‍රධානතම වාසියක් වන්නේ ගමනාගමන පහසුවයි. එබඳු නිවාස සංකීර්ණ සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වන මාර්ග වලට නුදුරින් පිහිටා ඇති නිසා එදිනෙදා රැකියාවට හෝ පාසලට යාමේදී ගමනාගමනය ඉතාමත් පහසු වේ. එම නිසාම එවැනි නිවාස සඳහා විශාල ඉල්ලුමක් ඇත. ගමනාගමනය සඳහා වැයවන කාලය අඩු වන තරමට වැයවන මුදලද අඩු වන අතර, තම ආදරණීයන් සමග වැඩි කාලයක් ගතකිරීමටද අවස්ථාව ලැබේ.

TRI-ZEN නිවාස ව්‍යාපෘතිය බ්‍රේබ්රූක් පෙදෙස හරහා නගරයේ සෙසු ස්ථාන වලට සම්බන්ධ වන අතර,අනාගත කොළඹ නගරයේ ප්‍රධාන වාණිජ දිස්ත්‍රික්කය බවට පත්වීමට නියමිත කොළඹ වරාය නගරයට මෙන්ම බොහෝ පාසල්, හෝටල්, සාප්පු සංකීර්ණ, ක්‍රීඩා සමාජ සහ විනෝදාස්වාද ස්ථාන ඇතුළු ස්ථාන රැසකට ඉතා කෙටි කාලයකින් ළඟා විය හැක.

TRI-ZEN ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2023 වසරේදී අවසන් වීමට නියමිතව පවතී. කලාත්මක ලෙස සැලසුම් කරන ලද, නිදන කාමර එක, දෙක හා තුන බැගින් වන නිවාස වලින් සමන්විත TRI-ZEN ව්‍යාපෘතිය, එහි නිවැසියන් බලාපොරොත්තු වන සියලුම නවීන පහසුකම් වලින් සමන්විත වනු ඇත. මේ ආකාරයට ජාත්‍යන්තර තලයේ පහසුකම් සමගින් තරගකාරී මිලගණන් යටතේ පිරිනමන TRI-ZEN නිවාස, නාගරික ජීවිතයක පහසුව සමග පරිපූර්ණ සිහින නිවසක සතුට එකතැන් කරනු නොඅනුමාන ය.

TRI-ZEN ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා කරුණාකර+94-702-294294අංකයෙන් පාරිභෝගික සම්බන්ධතා කණ්ඩායම ඇමතිය හැකිය. නැතිනම් www.trizen.lk වෙත පිවිසිය හැකිය.

Views: 244